
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විදුලිය බිල අඩු කිරීම දවසින් දෙකෙන් කළ නොහැකි බවත් විදුලිය බිල අඩු කරන්නේ වසර තුනක් ඇතුළත බවත් බලශක්තිය අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවසීය.
විදුලි බලය අඩු කරනවා කියලා කොහේවත් කියා නැතැයිද ඔහු සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා විදුලි බිල සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
කුමාර ජයකොඩි මහතා මෙසේද සඳහන් කළේය.
විදුලි බිල අඩු කිරීම තමයි අපේ අරමුණ. අපි විදුලි බිල අඩු කිරීම දවසින් දෙකෙන් කරනවා කියලා කියලා නැහැ. අවුරුදු තුනක් ඇතුළත තමයි කරන්න වෙන්නේ. පසුගිය පාලනය කරපු දූෂණවල ප්‍රතිඵල ජනතාවට අද විඳින්න සිදුවෙලා. විදුලිබල මණ්ඩලය මේ වන විට බිලියන 332 ක ණයකින් පෙළෙනවා. වැඩුමිලට විදුලිය මිලදී ගැනීම සිදුවුණා. විදුලිය මිලදී ගන්න වැය වන මුදල වැඩියි. මේක වැඩපිළිවෙලක් ඇතුව හැදීම තමයි අරමුණයි. මේකෙ පැටලිල්ලි ගොඩක් තියෙනවා. ඒවා නිවැරදි කරන්න ඕන. විදුලි බල මණ්ඩලයෙන් අපිට යෝජනා ලැබුනේ සියයට 37 ක් වැඩි කරන්න. අපි ඒක පැත්තක තියලා සකසුරුවම් කරලා තමයි මේ ගෙනියන්නේ. මේකෙ තියෙන පරණ පව් ටික හෝදන්න වෙලා තියෙනවා. අපි අපේ හිතවතුන්ට ප්‍රොජෙක්ට් දෙන්නේ නැහැ. විදුලි බිල අඩු කිරීමට අවශ්‍ය සැලසුම් ගනිමින් පවතිනවා.
දයාසිරි ජයසේකර මහතා අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා වෙන්න කලින් විදුලි බිල ඉතාම කෙටි කාලයක් ඇතුලත ඇතුළත සියයට 35 කින් විදුලිබිල අඩු කරනවා කිව්වා. පන්දාහේ මිල 3000 කරනවා කිව්වා නමදා බිල 6000 කරනවා කිව්වා. ඒවා අහල තමයි මේ රටේ මිනිස්සු ඡන්දය දුන්නේ විදුලි බල මණ්ඩලය දැන් කියනවා ජුනි මාසය වෙනකන් විදුලිය බිල අඩු කරන්න බැහැ කියලා.
ඔබතුමාලා මෙච්චර පොරොන්දු දීල ලොවෙත් නැති පොරොන්දු දීල ලොවෙත් නැති ජයග්‍රහණයක් ගත්තා. මේක තනිකරම පනත උල්ලංඝනය කිරීමක්. විදුලි බල සංශෝධනය ජුනි මාසය දක්වා කල් දැම්මේ ඇයි. මෙච්චර ප්‍රශ්න තියෙද්දී. අධික විදුලි බිල නිසා කුඩා කර්මාන්ත රැසක් වැහිලා. මොකක්ද මේකට හේතුව
උදේ ඉඳලා රෑ වෙනකම් බොරු කියන්නේ. බිලියන 167ක ලාභයක් තියෙනවා මේ කලාප නම් කොච්චරද කියලා කියන්න. සියයට පනස් හයකට වැඩිය ජල විදුලියෙන් තමයි දිව්වේ. කවද්ද මේක ඉවර කරන්නේ. පච ආණ්ඩුවක් නෙ මේ තියෙන්නේ.
බලශක්ති අමාත්‍ය විදුලි බල මණ්ඩලයේ කිසිදු ණයක් රජය පවරගෙන නැහැ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙමනම් අහවල් කාරණාවකටද මේ රටේ අසරණ මිනිස්සුන්ගේ කාලයයි, මහන්සියයි නාස්ති කළේ, විදුලි ගාස්තු ගැන අදහස් සහ යෝජනා දක්වන්න ඉඩ දීලා? විදුලි බලය ජනනය කරන්න පුද්ගලික අංශයට ඉඩ දීම තමයි මේ සියලු ගසාකෑම්වලට මුල.
'අපි ආපු ගමන් විදුලි බිල 1/3 කින් අඩුකරනවා අම්මපා ' වේදිකාවක කියවනවා ඇහුණේ මට විතරද ?
රට ම රවට්ටලා චන්දෙ දිනපු මුන්ට දවසක මේ රටේ මිනිස්සු ඉතිහාසගත පාඩමක් උගන්නනවා
"ෂා.... නියමයි... එලකිරි.... අපි තව ඉවසාලා ඉන්නම් හොඳේ..."
ඊලඟ මාසේ ඉඳල ලයිට් බිල පොඩි කොලේක ප්‍රින්ට් කරන්න, ටෙක්ස්ට් මෙසේජ් එකත් වචන අඩුකරල එවන්න. ඔන්න බිල අඩුකරන ක්‍රම. ටිකක් පරක්කු උනාට කමක් නෑ, උපදේශක ගාස්තුව ගෙවන්න.
සෙනවිරත්නට කිව්වා නම් මේකත් හොඳට හෝඳලා, පිරිසිදු කරලා, වැනලා, නවලා දෙයි
හාස්‍යජනකයි , මොකද මම මේක කලින් අනාවැකි පල කළා, ඔය මහජන අදහස් විමසීම කිසිම පලක් නැති දෙයක් කියල. මිනිස්සු මොන යෝජනා කලත් යුනියන් එවුන් කැමති නැත්නම් ඒ කිසිදෙයක් වෙන්නේ නැහැ. විදුලිය බල මණ්ඩලේ දැන් අයිතිකාරයෝ මහජනයා නෙවෙයි, යූනියන් කාරයෝ.
රාජපක්ෂලා වික්‍රමසිංහලා එක්ක එකතුවෙලා හරි හරියට රට බංකොලොත් කෙරුව ඒ මදිවට ජනාධිපති අරමුදලෙනුත් ගසා කෑව රිලා සිරියට දැන් තමයි විදුලි බිල ගැන මතක්වෙලා තියෙන්නේ. උබලා හවුලේ හොරා කන විට ජනතාව මතක් උනේ නැහැ නේද ?
කවුරු උඩදාගෙන නැටුවත් මොන ප්‍රශස්ති ගායනා කළත් අපේ රටේ දේශපාලන කණ්ඩායම් දෙකයි තියෙන්නේ . එකක් තමයි ආණ්ඩු බලයක් නැති කණ්ඩායම . අනික ආණ්ඩු බලය ඇති කණ්ඩායම .මේ කවුරුත් ඔය කණ්ඩායම් දෙක ඇතුළේ සමානයි. දැන් මේ ඇමතිත් විදුලි බල මණ්ඩලේ හොර ගුහාවට වැටිලා ඉවරයි. එව්වා හදන්න බෑ මේ කපේට.
කෝ මේ සෙනවිරත්න රෙදිසෝදන මැෂිම ?
ආණ්ඩුව ගන්න කලින් කීව කැතයි දැන් කියන කතයි අහසට පොලව වගේනේ . උනුත් එකයි මුනුත් එකයි .තොපිත් එකයි
උඹලාට අපි කතිරය ගහලා ඉල්ලං කාලා යකෝ.තොපි චන්දය කාලේ දුන්නේ පට්ට පල් බොරු පොරොන්දු නේද බොලව්. අර චාමර මන්ත්‍රී තුමා තමයි යකෝව් උඹලා ගේ රෙදි ගැලෙව්වේ. අපි සිංහලයෝ රැවටෙන්න ම ඉපදිච්ච එවුන්නේ බොල.
මමත් NPP එකට තමා ඡන්දය දුන්නේ, නිකං බොරු කියන්න එපා මනුස්සයෝ. අනුර කොච්චර වේදිකාවල කිව්වාද ලයිට් බිල් එක 2/3 අඩු කරනවා සත්‍යයෙන්ම ටික කාලයකින් කියලා. ඒව අහලා තමා අපි ඡන්දය දීලා 2/3 දුන්නේ තමුසේලාට. දැන් නිකම් බලු ටෝක් දෙන්න එපා.
අවුරුදු හතරකදී අඩු කරන්න පුළුවන්
අපි කෝමත් දන්නවා මේක පච ආන්ඩුවක් කියලා. මේ වෙනකම් මිනිසුන්ට මොනවාද දුන්නේ පොරොන්දු වුණු විදියට. මොවුන් බොරුවෙන්ම බලය ගත්තේ...!