(නිමල කොඩිතුවක්කු)
රටේ ශ්‍රම බලකායෙන් එක් පුද්ගලයෙක් 2023 වසරට වඩා රුපියල් 12,000ක මුදලක් බදු වශයෙන් ගෙවීමට සිදුවෙන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා කොළමදී ප්‍රකාශ කළේය.
රජයේ සේවකයෙකුට රුපියල් 10,000ක් ලබාදීමට යෝජනා කළත් බදු වශයෙන් රාජ්‍ය සේවකයෙකුට රුපියල් 12,000ක් ගෙවන්න සිදුවෙන බවත් මන්ත්‍රීවරයා පැවැසීය.
2024 වසර වෙනුවෙන් එකතු වන බදු ආදායම රටේ ජනතාවගෙන් බෙදූ විට එක් පුද්ගලයෙක් පෙර වසරට වඩා රුපියල් 4650 ක් බදු වශයෙන් ගෙවිය යුතු බවත් කොළම විපක්ෂනායක කාර්්‍යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු කීවේය.
2023 අයවැයේ යෝජනා 77 න් 69 ක් ක්‍රියාතමක කර නොමැති බවත් 2024 අයවැයෙත් යෝජනා 70 ක් තිබෙන බවත් මෙම යෝජනා ද ක්‍රියාත්මක කරයි කියා රටේ ජනතාව තුළ විශ්වාසයක් නැති බවත් ඔහු තවදුරටත් පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල්ගෙයි සජිත්ගෙයි ආර්ථික ප්‍රතිපත්ති වෙනස මොකක්ද කියලා කියනවද, දෙනාගේම ආර්ථික උපාය මාර්ගය වෙන්නේ බදු ගැසීම, දඩ ගැසීම විකිනීම සහ ණයට කෑම නම් දෙන්නම ඉංග්‍රීසියෙන් කතා කරලත් ඉල්ලනනේ ණය නම් දෙන්නටම රටේ සම්පත් දියුණු කරන්න උවමනාවක් නැත්නම් සජිත් කෙරුවත් රනිල් කෙරුවත් ප්‍රතිථලය එකක් නොවෙයිද ?
උන්නැහේ ඔහේ කියන මේ කතාව ඇත්ත නම් ඔහේගේ ටිකිරි මොලේට තේරෙන්නේ නැතිද මේ රු 10,000 නිසා තරමක් හෝ පහසුවක් රජයේ සේවකයින්ට ලැබෙන බව. ඒ වගේම වෙනද රු 45000 ක් වැටුපක් ගත අයෙක් මෙම වැටුප් වැඩිකිරීම නිසා රු 55000 ක් ගන්නවා. කියමුකෝ බලන්න එය 12,000 ක් බදු ගෙවන විදිහ. අනේ උන්නැහේ ඔහෙලා බලයට අවොත් රට කරවන්නේ ඔහෙලගෙ ගෙදරින් ගෙනත්ද? බහු බූත කියවනවා මිසක ගැලරි දේශපාලනයෙන් මිදෙන්න ඔහෙලට කවදාවත් බැහැ . පුතානෝ එක්ක පියානෝ ගගහ ඉන්න තමයි ඔහෙලට හැමදාම වෙන්නේ.
මේ අය වැය යෝජනාවෙන් රනිල් මහත්මයා හොදම ජෝකර් කෙනෙක් බව ඔප්පු වුණා.
පුතාණෝගේ පියාණෝ තමයි ලංකාවේ මිනිස්සු හිඟන්නන් බවට පත්කරන්න පටන් අරන් තියෙන්නේ....
ඇයි බදු ගෙවන්නේ... අපි කෑවද?