IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ලබන වසරේ ඒක පුද්ගල බද්ද රු:12,000ක්

(නිමල කොඩිතුවක්කු)

රටේ ශ්‍රම බලකායෙන් එක් පුද්ගලයෙක් 2023 වසරට වඩා රුපියල් 12,000ක මුදලක් බදු වශයෙන් ගෙවීමට සිදුවෙන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා කොළමදී ප්‍රකාශ කළේය.

රජයේ සේවකයෙකුට රුපියල් 10,000ක් ලබාදීමට යෝජනා කළත් බදු වශයෙන් රාජ්‍ය සේවකයෙකුට රුපියල් 12,000ක් ගෙවන්න සිදුවෙන බවත්  මන්ත්‍රීවරයා  පැවැසීය.

2024 වසර වෙනුවෙන්  එකතු වන බදු ආදායම රටේ ජනතාවගෙන් බෙදූ විට එක් පුද්ගලයෙක්  පෙර වසරට වඩා රුපියල් 4650 ක් බදු වශයෙන් ගෙවිය යුතු බවත් කොළම විපක්ෂනායක කාර්්‍යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු කීවේය.

2023 අයවැයේ යෝජනා 77 න් 69 ක් ක්‍රියාතමක කර නොමැති බවත්  2024 අයවැයෙත් යෝජනා 70 ක් තිබෙන බවත් මෙම යෝජනා ද ක්‍රියාත්මක කරයි කියා රටේ ජනතාව තුළ විශ්වාසයක් නැති බවත් ඔහු තවදුරටත්  පැවැසීය.  



අදහස් (5)

ලබන වසරේ ඒක පුද්ගල බද්ද රු:12,000ක්

අරවින්ද මොනරවිල Tuesday, 14 November 2023 08:03 PM

රනිල්ගෙයි සජිත්ගෙයි ආර්ථික ප්‍රතිපත්ති වෙනස මොකක්ද කියලා කියනවද, දෙනාගේම ආර්ථික උපාය මාර්ගය වෙන්නේ බදු ගැසීම, දඩ ගැසීම විකිනීම සහ ණයට කෑම නම් දෙන්නම ඉංග්‍රීසියෙන් කතා කරලත් ඉල්ලනනේ ණය නම් දෙන්නටම රටේ සම්පත් දියුණු කරන්න උවමනාවක් නැත්නම් සජිත් කෙරුවත් රනිල් කෙරුවත් ප්‍රතිථලය එකක් නොවෙයිද ?

:       3       5

abaran Wednesday, 15 November 2023 04:54 AM

උන්නැහේ ඔහේ කියන මේ කතාව ඇත්ත නම් ඔහේගේ ටිකිරි මොලේට තේරෙන්නේ නැතිද මේ රු 10,000 නිසා තරමක් හෝ පහසුවක් රජයේ සේවකයින්ට ලැබෙන බව. ඒ වගේම වෙනද රු 45000 ක් වැටුපක් ගත අයෙක් මෙම වැටුප් වැඩිකිරීම නිසා රු 55000 ක් ගන්නවා. කියමුකෝ බලන්න එය 12,000 ක් බදු ගෙවන විදිහ. අනේ උන්නැහේ ඔහෙලා බලයට අවොත් රට කරවන්නේ ඔහෙලගෙ ගෙදරින් ගෙනත්ද? බහු බූත කියවනවා මිසක ගැලරි දේශපාලනයෙන් මිදෙන්න ඔහෙලට කවදාවත් බැහැ . පුතානෝ එක්ක පියානෝ ගගහ ඉන්න තමයි ඔහෙලට හැමදාම වෙන්නේ.

:       4       7

සිල්වා Wednesday, 15 November 2023 10:13 AM

මේ අය වැය යෝජනාවෙන් රනිල් මහත්මයා හොදම ජෝකර් කෙනෙක් බව ඔප්පු වුණා.

:       6       6

Haramanis Thursday, 16 November 2023 04:02 PM

පුතාණෝගේ පියාණෝ තමයි ලංකාවේ මිනිස්සු හිඟන්නන් බවට පත්කරන්න පටන් අරන් තියෙන්නේ....

:       0       0

Gaya Friday, 17 November 2023 05:38 PM

ඇයි බදු ගෙවන්නේ... අපි කෑවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 805 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site