(සුජිත් හේවාජුලිගේ )

වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන නොවැම්බර් 02 වෙනිදා ක්‍රියාත්මක කිරීමට නියමිත පුළුල් විරෝධතාවයට පූර්ණ සහාය පළ කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුතු 43 සේනාංකය තීරණය කළේය.

පාඨලී චම්පික රණවක මහතා ජෝෂප් ස්ටාලින් මහතා සහ ලංකා බැංකු සේවක සංගමයේ නියෝජිතයන් පිරිසක් සමග එම මූලස්ථානයේදී පැවැත්වූ සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පාඨලී චම්පික රණවක මහතා මෙසේ පැවසීය.

" අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ තරුණයාත්, සිරිධම්ම ස්වාමීන් වහන්සේත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90 කට වැඩි කාලයක් රඳවාගෙන සිටිනවා.තවත් පිරිස් වලට අඛණ්ඩ පොලිස් මර්දනයක් ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ වගේම ආණ්ඩුව අද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිතා කරමින් තියෙනවා. එම කරුණුවලට විරුද්ධත්වය පළකිරීමට තමයි මේ විරෝධතාව කිරීමට යන්නේ. අපේ සහයෝගය ඒ සඳහා ලබා දෙනවා"