
(අංජුල මහික වීරරත්න)
මෙවර අයවැය ලේඛනයෙන් අලුත් කිසිදු බද්දක් හඳුන්වා නොදී ඉන්නට උත්සාහ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජපානයේ දී අද (28)පැවසීය.
තවත් ඉදිරියට යාමේදී පවතින බදු ප්‍රතිශතයන් අඩු කිරීමටද කටයුතු කරන බව ජනාධිපතිවරයා කීය.
ජනාධිපති අනුර දිසානායක මහතා මේ බව කීවේ ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ ටෝකියෝහිදී පැවැති රැස්වීමකදීය.
බදු බර වැඩි යැයි ඇතැමුන් කියන බව කී ජනාධිපතිවරයා එලෙස බදු බර වැඩි වන්නේ ඇයි දැයි සලකා බැලිය යුතු බව කීය.
මෙලෙස රජයට ආදායම් උපයා ගන්නට සිදුවී ඇත්තේ එළියේ ආර්ථිකය කුඩා නිසා යැයි ද එළියේ ආර්ථිකය විශාල වුණොත් බදු ප්‍රමාණය අඩු කරන්න පුළුවන් කම ඇතැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.රජයට එවැනි සැලසුමක් ඇතැයි ද ජනාධිපතිවරයා කීය. සියලු පුරවැසියන් භාණ්ඩ මිලදී ගැනීමේදී සියයට 18ක බද්දක් ගෙවීම යුක්ති සහගත නැතැයි ද නමුත් එළියේ ආර්ථිකය කුඩා වීම නිසා ඒ බද්ධ අය කරන්නට සිදුවී ඇතැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
අතීත අයවැය ලේඛන වල හැම විටම සිදුවී තිබෙන්නේ නැවත නැවත අලුතින් බදු යෝජනා ඉදිරිපත් කිරීම බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කීයක් හරි මාස්පතා ඉතිරිකර විශ්‍රාම දිවිය ගත කරන්න තබා ගත්ත මුදලේ පොලියට 10% රඳවාගැනීමේ බද්ද අසාධාරණ බව පේනව නේද? හොඳට ජීවත්වෙන්න අවශ්‍ය පරිසරය හදාගත්ත මිනිස්සු හිඟන තත්ත්වයට පත්කර ගන්න ඛදුවලින් නිකමුන්ට සහනාධාර දීම මොන සමාජවාදයද?
ඉතිරිවෙලා තියෙන්නෙ ඇග බද්දයි, බලු බද්දයි, තමයි.
10% යේ බද්ද ගැන අඬන මහත්මයා ලංකාවේ නොවෙයිද ඉන්නේ, මාසිකව ලක්ෂ එකහමාරකට වඩා ආදායම අඩු නම් ඒක අහෝසි කළා, ඊට වැඩි නම් බද්ද ගෙව්වාම මොකද පුරවැසියකු විදියට. ඒක නිසා වැරැදි අදහස් සමාජගත කරන්න එපා... අදම බැංකුවකට ගොස් වරද නිවැරැදි කරගෙන රජය ගෙවන අමතර පොලී වාසිය ගන්න...