IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ලාබෙට මිරිස් දෙන්න මුල පුරයි

 

(අංජුල මහික වීරරත්න)

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවතින විදේශ අරමුදල් මත ක්‍රියාත්මක ව්‍යාපෘතියක් වන කෘෂිකර්ම අංශ නවීකරණ ව්‍යාපෘතිය මගින් මෙම වසරේ ඉදිරි කාලයේ  අක්කර 450ක මිරිස් වගා ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

මෙරට  පාරිභෝජනයට අවශ්‍ය මිරිස් ප්‍රමාණයන් රටේම නිෂ්පාදනය කර ගැනීම සඳහා මෙම වසරේ  තවත්  ඉඩම් ප්‍රමාණයක මිරිස් වගා කරන ලෙස කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම ව්‍යාපෘතියට උපදෙස් දී තිබිණි.

ඒ අනුව දිස්ත්‍රික්ක 03ක එක් දිස්ත්‍රික්කයකින් අක්කර 15 බැගින් තෝරා ගෙන මිරිස් වගා කිරීමට කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය විසින් කටයුතු යොදා තිබේ.

ඒ යටතේ කිළිනොච්චි, අම්පාර හා බදුල්ල යන දිස්ත්‍රික්කවලින් අක්කර 450ක් අලුතින් මිරිස් වගාව සඳහා සැළසුම් කර තිබේ.

මෙම ව්‍යාපෘතියෙන් වියලි මිරිස් මෙට්‍රික් ටොන් 3600ක ප්‍රමාණයක් අපේක්ෂිතය.

දැනටමත් මෙම ව්‍යාපෘතිය මගින් අක්කර 1600ක මිරිස් වගා කර තිබේ. මෙම මිරිස් වගාවන් තුළ වැඩි අස්වැන්නක් ලබා දෙන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පර්යේෂණය කර හඳුන්වා දෙන ලද MICH- 1 හයිබ්‍රිඩ් මිරිස් ප්‍රභේදය වගා කිරීමට නියමිතය. මේ සඳහා ගොවීන්ට අවශ්‍ය සියලු යටිතල පහසුකම් ව්‍යාපෘතිය මගින් සපයන අතර ගුණාත්මකභාවයෙන් උසස් මිරිස්  පාරිභෝජනය සඳහා ලබා දෙන බව ද එම ව්‍යාපෘතිය පවසයි.



අදහස් (2)

ලාබෙට මිරිස් දෙන්න මුල පුරයි

ravin Tuesday, 11 October 2022 11:43 AM

රටට අවශ්‍ය ප්‍රතිඵල. කොච්චර ලස්සන පදවැලික් වුණත් සංගීතය අවුල් නම් එම ගීතයේ රසයක් නොමැත.

:       0       4

Sunil Wednesday, 12 October 2022 08:02 AM

ඇත්තටම මේව අද ඊයේ පටන් ගන්න තියෙන ඒව නෙමෙයි .පුළුවන් නම් හැම බෝගයක්ම මෙහෙම කලානම් පිටරට යන සල්ලි ඉතුරැ වෙනවා .ඒත් ඉතින් අපේ නිලදාරි ඉන්නෙ නමට. උං ගන්න පඩියට වැඩ කරන්නේ නැහැ .ඒකයි ඇත්ත .වගා කලාට පස්සෙ තුට්ටුවකට දෙකට දෙන්න වෙන්ව. කවුරුත් පසු අස්වනු පිලිබද කතාව නැහැ .වගා කරන්න කලින් පුළුවන් නම් එයාලට ඉස්තිර මිල කියන්න පුළුවන් නම් ගොවියා උනන්දු වෙනවා ගොඩක්

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 284 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site