IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ලබුකැලේ අනතුරින් 14ක් රෝහලට

 

(ආර්.එෆ්.එම්.සුහෙල් )

නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයට එලවළු රැගෙන ඒම සදහා ධාවනය කරමින් තිබු ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 70 ක් පමණ ප්‍රපාතයකට පෙරලිමෙන් ලොරි රථයේ ගමන් ගත් 14 දෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලට අද (05) දින ඇතුළත් කර ඇති බව නුවරඑලිය පොලිසිය පැවසිය.

මෙම අනතුර සිදු වි ඇත්තේ නුවරඑලිය ගම්පොල ප්‍රධාන මාර්ගයේ නුවරඑලිය ලබුකැලේ තේ කර්මාන්ත ශාලාව අසලදිය.

නුවරඑලිය ලබුකැලේ ප්‍රදේශයේ පිහිටි එලවළු ගොවිපොලකින් නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානය වෙත  එලවළු ගලවා රැගෙන ඒමට ගිය කම්කරුවන් පිරිසක් අනතුරෙන් තුවාල ලබා ඇත.

අනතුරෙන් තුවාල ලැබු පස්දෙනෙකුගේ තත්ත්වය බරපතල බවත්, අධික වේගයෙන් ධාවනය කරඇති ලොරි රථයේ වේගය පාලනය කිරිම සදහා රියදුරු තිරිංගු ක්‍රියාත්මක කිරිමේදි ලොරි රථය රියදුරුගේ පාලනයෙන් මිදි ඇදිගොස් ප්‍රපාතයට පෙරලි මෙම අනතුර සිදු වි ඇති බව අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන නුවරඑලිය පොලිසිය කියා සිටියේය.

අනතුරෙන් තුවාල ලැබු පිරිස කොත්මලේ පොලිසියේ නිලධාරින් සහ ලබුකැලේ ප්‍රදේශවාසින් එක්ව රෝහල් ගත කර ඇත.

ලොරි රථය අනතුරට පත් වන අවස්තාවේ ලොරි රථයේ 15 දෙනෙකු ගමන් කර ඇති බවත්, ඉන් එක් අයෙකු ලොරි රථය පෙරලෙන අවස්තාවේ ඉන් බිමට පැන බේරි ඇති බවත්, අනතුරෙන් ලොරි රථයට දැඩි අලාභ හානි සිදු වි ඇති බව පොලිසිය කියා සිටියේය.

ලොරි රථය අනතුරට පත් වන අයුරු ලබුකැලේ වෙලදසැලක සවි කර තිබු ආරක්ෂිත කැමරාවක සටහන් වි තිබුණි.



අදහස් (0)

ලබුකැලේ අනතුරින් 14ක් රෝහලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 376 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1016 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site