( තිළිණි ද සිල්වා )
ලන්ඩනයේ ලූටන් ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් සිව්දෙනා සම්බන්ධයෙන් මේ දක්වාත් කිසිදු තොරතුරක් දැනුම් දී නොමැති බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කර සිටී.
ත්‍රස්ත සංවිධානයකට අයත් බව පැවසෙන ශ්‍රී ලාංකිකයින් සිව් දෙනෙකු පසුගියදා ලන්ඩනයේ ලූටන් ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබිණි.
කෙසේ වෙතත් මොවුන් ශ්‍රී ලාංකිකයින් බව පැවසුව ද ඒ සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් මෙට්රොපොලිටන් පොලීසිය විසින් ලන්ඩන් හි ශී ලංකා මහකොමසාරිස් කාර්යාලයට ලබා දී නොමැති බවද එම අමාත්‍යංශය සදහන් කළේය.
මෙම ශ්‍රී ලාංකකියින් බව පැවසෙන පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන ලෙස මහකොමසාරිස් කාර්යාලය ඉල්ලීමක් කර ඇත.
පසුගිය 10 වන දින පස්වරුවේ ලූටන් ගුවන්තොටුපල වෙත පැමිණි මොවුන් සිව් දෙනා පසුගිය 11 වැනි දා අත්අඩංගුවට ගනු ලැබුවේය.
ඒ අනුව ඔවුන් මේ වන විට එංගලන්තයේ බෙට්පෙෂර් පොලීසියේ රඳවා තබාගෙන වැඩිදුර විමර්ශන සිදු කරන බව විදෙස් වාර්තා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි දැන් ජාත්‍යන්තරේ ජයගෙනලු නේද තියෙන්නේ. ඇයි දන්නෑ කිව්වේ නැත්තේ.
ත්‍රස්තවාදී වැඩ වලට සම්බන්ද ශ්‍රී ලාංකිකයෝ කිව්වම ඉතින් ඔය ගොඩට වැටෙන්නේ දකුණු ඉන්දියාවෙන් ආපු කට්ටිය සහ අරාබි නිසොල්ලාස හීන දකින කට්ටිය තමා.
ඔන්න රටකට ගිය කලක්. තවත් සුද්දන්ට වන්දනා මාන කරන එකයි තියෙන්නේ
බ්‍රිතාන්‍යයේ පලවී ඇති ප්රවෘත්ති වාර්තා වන්ට අනුව මොවුන් ත්‍රස්ත විමර්ශන පොලිසිය විසින් අත්අඩංගුවට පත්ව ඇත්තේ " තහනම් කර ඇති ත්‍රස්තවාදී සංවිධානයක සාමාජිකත්වය දැරීම" සඳහා බවයි පෙනෙන්නේ. මුලික පරීක්ෂණ වලින් පසුව පසුගිය 12 වන සිකුරාදා ඔවුන් නිදහස් කර ඇති බවත් වාර්තා වී තියෙනවා.
ඉතාලියේ නීත්‍යානුකුල නොවන බංගලියෝ වරදක් කරලා පොලිසියට අහු වුනාම කියන්නේ ඔවුන් ශ්‍රී ලාංකිකයන් කියයි. කළු කොට ශ්‍රීලාංකිකයන් සහ බංගලියන් වෙන්කරලා හඳුනා ගන්න හරිම අමාරුයි.