( තිළිණි ද සිල්වා)
බි‍්‍රතාන්‍යයේ ලන්ඩන් - ලූටන් ගුවන් තොටුපලේදී පසුගිය සතියේදී අත්අඩංගුවට ගැනුණු ශ්‍රී ලාංකිකයන් සිව් දෙනා පොලිස් අත්අඩංගුවෙන් මුදාහැර ඇති බව එරට තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී.
මෙම ලාංකිකයින් සිව් දෙනා මුදා හැරියද ඔවුන් පිළිබඳව තවදුරටත් පරීක්ෂණ ක‍්‍රියාත්මක වන බවට බි‍්‍රතාන්‍ය පොලීසිය ප‍්‍රකාශ කර ඇතැයිද එම තානාපති ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.
බි‍්‍රතාන්‍යයේ රැකවරණ පතා පැමිණි බව සැලකෙන දෙමළ ජාතිකයන් වන මෙම පුද්ගලයන් 04 දෙනාම චෝදනා ගොනු කිරීමකින් තොරව මුදාහැරීමට බි‍්‍රතාන්‍ය පොලිසීය පියවර ගෙන ඇති බවද සඳහන් වේ.
ත‍්‍රස්ත සංවිධානයකට අයත් බවට සැකපිට ශ‍්‍රී ලාංකිකයින් සිව් දෙනෙකු පසුගිය 10 වැනිදා ලන්ඩනයේ ලූටන් ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබිණි.තහනම් ත‍්‍රස්තවාදී සංවිධානයක සාමාජිකත්වය දැරීමේ චෝදනාව යටතේ මොවුන්ව අත්අඩංගුවට ගැනීමට බි‍්‍රතාන්‍ය පොලීසිය කටයුතු කළේය.
ඒ අනුව ඔවුන් පිළිබඳව බෙට්පෙෂර් පොලීසියේ රඳවා තබාගෙන වැඩිදුර විමර්ශන කටයුතු සිදු කෙරුණි.
ලන්ඩනයේ ලූටන් ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගත් ශ‍්‍රී ලාංකිකයින් සිව්දෙනා සම්බන්ධයෙන් මේ දක්වාත් කිසිදු තොරතුරක් දැනුම් දී නොමැති බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කර සිටී.
කෙසේ වෙතත් මොවුන් ශ‍්‍රී ලාංකිකයින් බව පැවසුව ද ඒ සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් බි‍්‍රතාන්‍ය පොලීසිය විසින් ලන්ඩන් හි ශී ලංකා මහකොමසාරිස් කාර්යාලයට ලබා දී නොමැති බවද එම අමාත්‍යංශය සදහන් කළේය.
මෙම ශ‍්‍රී ලාංකකියින් බව පැවසෙන පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන ලෙස මහකොමසාරිස් කාර්යාලය ඉල්ලීමක් කර ඇත.
මේ අතර, බි‍්‍රතාන්‍ය ත‍්‍රස්ත මර්දන පොලිසිය මගින් ලන්ඩන් හීත්‍රෝ ගුවන් තොටුපලේදී පසුගිය මාසයේ අත්අඩංගුවට ගත් ලාංකික දෙමළ සංගීතඥයා පිළිබඳ පරීක්ෂණ අවසන් කළ බවද එම පොලීසිය සඳහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතියක් වෙලත් තාම විස්තර අරගන්න බැරි වෙලා ලන්ඩන් ශ්රී ලංකා මහකොමසාරිස් කාර්යාලයට, මොවුන් ගේ කාර්යක්ෂම තාවය මනාවට ඔප්පු වෙනවා. ඔය රාජ්ය සේවය අයතීන් දිනාගන්න කඩිසරව උඩපනින විලාසේ රාජකාරියට අදාළ නැත්ද මන්දා....