IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ලුණු වලට උපරිම සිල්ලර මිලක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

ලුණු මිල හිතුමතේ වැඩි කළොත් උපරිම සිල්ලර මිලක් නියම කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන  අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේදී පැවති වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී ඔහු මෙසේ ප්‍රකාශ කළේය.


හිඟයකින් තොරව ලුණු ජනතාවට ලබාගත හැකිවුව ද වෙළඳපොලෙහි ලුණු  මිලෙහි වැඩිවීමක් පිළිබඳව පැමිණිලි ලැබෙන බැවින් වැඩි ලාභ අපේක්ෂාවෙන් ලුණු මිල අසාධාරණ ලෙස ඉහළ නංවන්නේ නම් ඉදිරියේදී උපරිම සිල්ලර මිලක් නියම කිරීමට කටයුතු කරන බවද  සමරසිංහ මහතා පැවසීය. 

එම ගැටලුව  සඳහා කඩිනමින් මැදිහත්වන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට  උපදෙස්  දුන්නේය.



අදහස් (5)

ලුණු වලට උපරිම සිල්ලර මිලක්

Aruna Saturday, 07 June 2025 02:04 PM

ඒක නම් මේසයට හයියෙන් තට්ටුවක් දාලා තවත් වැඩි කරන්න පොටක්.

:       3       15

ranjith Saturday, 07 June 2025 04:32 PM

පුද්ගලික අංශය එක්ක එකතු වෙලා අන්තිමට මිල වැඩි කරන එක තමයි කරන්නේ... සීනිවලටත් වඩා ලුණුවල මිල වැඩිවෙලා දැනටමත්...

:       2       15

ගුණරත්න Saturday, 07 June 2025 06:43 PM

ලුණු පොල්කට්ටටත් කෙළවෙන වැඩක් ඔන්න! පාලන මිල කියන්නේ වෙළෙන්දෝ බඩු හංගනවා කියන එක දන්නේ නැති මාලිමා ආණ්ඩුව...

:       6       7

කුකුල් චමින්ද Saturday, 07 June 2025 11:56 PM

ඉතිං ගුණපාල, වෙළෙන්දෝ ලුණු හංගන වෙලේ, ඔයා පොල්කට්ට හංගන්නකෝ. වැඩේ අහවරයිනේ...

:       2       4

සිල්වා Sunday, 08 June 2025 11:51 AM

දැනට පවතින ලුණු හිඟයට මූලික හේතුව දේශගුණය වෙනස්වීම. ඊට විසඳුම සොයන අතර වෙළඳපොලේ ඇතිවන හිඟය ද නැති කිරීමට අවශ්‍ය පරිදි ආනයනය පුළුල් කළ යුතුයි. වෙළඳපලේ භාණ්ඩ සුලබ වන අවස්ථාවේ මිල පහළ යාම සිදුවෙයි.

:       3       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 163 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site