
(මහින්ද නිශ්ශංක)
ලුණු මිල හෙට (6) සිට වැඩි කිරීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබේ.
ඒ අනුව ග්‍රෑම් 400 ප්‍රමාණයේ ලුණු කුඩු පැකට්ටුවක මිල රුපියල් 100 සිට රුපියල් 120 දක්වා ද ලුණු කැට කිලෝව පැකට්ටුවක මිල රුපියල් 120 සිට රුපියල් 180 දක්වා වැඩි කෙරෙන බව හම්බන්තොට ලංකා ලුණු සමාගමේ සභාපති ඩි.නන්දන තිලක මහතා පැවසීය.
මෙම ලුණු මිල වැඩි කිරිම තාවකාලික තීරණයක් බව පැවසූ සභාපති නන්දන තිලක මහතා මාර්තු මාසයේදි හම්බන්තොට ලුණු ලේවායේ ලූණු අස්වැන්න ලැබුණු වහාම ලුණු මිල අඩු කරන බවද සඳහන් කළේය.
ඉන්දියාවෙන් ලුණු ගෙන්වීමේදී වැඩි පිරිවැයක් දැරීමට සිදුවීම ලුණු මිල මෙසේ වැඩි කිරීමට හේතූ වූ බව ද ඒ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නූගත් ජෙබයියෝ දැන් කහිල්ලේ ගහලා කාපල්ලා.
ඇයි ඔය යාපන අර්ධද්වීපය වගේ ශුෂ්ක පළාත්වල තවත් ලුණු ලේවායන් දාන්න බැරි?
දැන් ලුණු කෑමේ අගුණ ගැන හෑලි ලියැවී, ඉතිහාසේ කෙටි කාලෙකින් ෆේල් වුණු එකම ආණ්ඩුව, මුන්ට කයිවාරු විතරයි පුළුවන්. වාහන මිල 600% වැඩි කළා කිව්වම ත්‍රී වීල් එකක් ලක්ෂ 40ක් කිව්වම සාමාන්‍ය මනුස්සයෙක් කොහොමද ආසාවකට වාහනයක් ගන්නේ?