IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ලුණු මෙට්‍රික් ටොන් 2800 ක් 23 දා එයි

 ( මහින්ද  නිශ්ශංක )

ජාතික ලුණු සමාගම ඉන්දියාවෙන් ඇණවුම් කළ ලුණු තොගයේ පළමු කොටස වශයෙන් මෙට්‍රික් ටොන් 2800 ක් ලබන 23 දා දිවයිනට ළගා වීමට නියමිත බව ජාතික ලුණු සමාගම පවසයි.

අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඇතිව  ජාතික ලුණු සමාගම ඉන්දියාවෙන් ලුණු  මෙට්‍රික් ටොන් 20000 ක් ඇණවුම් කළ  බවත් ඉන් මෙට්‍රික් ටොන් 2800 ක් පළමු කොටස වශයෙන් මෙරටට ලැබෙන බවත් ජාතික ලුණු සමාගමේ සාමාන්‍යාධිකාරී  තුවාන් මන්සිල් මහතා පැවසීය.

ආහාර සදහා ගෙන්වන අයිඩිකරණය නොකළ එම ලුණු තොගය මෙරටට ලැබුණු පසු අයිඩිකරණය කිරීමෙන් අනතුරුව එම ලුණු ලබන 27,28 යන දිනවල වෙළෙඳ පොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත් සාමාන්‍යාධිකාරී තුවාන් මන්සිල් මහතා සඳහන් කළේය.

ජාතික ලුණු සමාගමට අමතරව ලංකා ලුණු සමාගම ලුණු මෙට්‍රික් ටොන් 10000 ක්ද ධීවර අමාත්‍යාංශය ලුණු මෙට්‍රික් ටොන් 10000 ක් ඉන්දියාවෙන් ආනයනය කරන බව කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශය පවසයි.



අදහස් (4)

ලුණු මෙට්‍රික් ටොන් 2800 ක් 23 දා එයි

Hamid Monday, 19 May 2025 10:52 AM

ජෙප්පෝ කිව්වේ නම් මුළු ලෝකෙටම ලුණු දෙන්න පුළුවන් කියලා.. කයියෝ...

:       1       87

so sad Monday, 19 May 2025 12:32 PM

නැගිටපල්ලා, නැගිටපල්ලා ලුණු නැවක් කොළඹට ඇවිල්ලා...

:       1       39

Kamal Koyrala Monday, 19 May 2025 01:31 PM

වේදිකාවල, යූ ටියුබ්වල ප්‍රකාශ කළ පරිදි 3 වේල ලුණු කන අයට සුබ ආරංචියක්...

:       18       5

යෝගා Monday, 19 May 2025 02:44 PM

මොන ජරාවල් කලවම් වෙච්චි ලුණුද දන්නේ නෑ ඉන්දියාවෙන් උස්සන් එන්නේ?

:       1       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site