
(යොහාන් භාසුර)
ලංකා ලුණු සමාගම ආනයනය කළ ලුණු තොගය දිවයිනට ළගාවීම දින කිහිපයක් ප්‍රමාද විය හැකි බව එම සමාගම පවසයි.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එම ප්‍රමාදය සිදුවන බව ලුණු සමාගමේ නිලධාරියෙක් පැවසීය.
පවතින ලුණු හිඟයට විසඳුමක් ලෙස ඉන්දියාවෙන් ආනයනය කළ ලුණු තොගයක් ඊයේ (21) රාත්‍රියේ දිවයිනට ළගාවීමට නියමිතව තිබුණ ද කාලගුණයේ බලපෑම හේතුවෙන් එය ප්‍රමාද වන බව ද එම නිලධාරියා කීය.
පෞද්ගලික ආනයනයකරුවන් ඇනවුම් කළ ලුණු මෙට්‍රික්ටොන් 250 ක් සහ ලුණු සමාගම ඇනවුම් කළ ලුණු මෙට්‍රික්ටොන් 2,800 ක් ලෙස ලුණු මෙට්‍රික්ටොන් 3,050 ක තොගයක් මෙරටට ළගාවීමට නියමිත බව ද එම නිලධාරියා වැඩි දුරරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ හඳුන්. ඕක කප්පම් වසන්තගේ ගේමක් වෙන්න පුළුවන්. දැනට පොඩ්ඩක් හැංගිලා ඉන්න.
නානවා කියලා මෙහෙමත් නානවද ?
මේක ආණ්ඩුව අපහසු තත්වයට පත්කරන්න හිටපු නිලධාරීන් කරන අමන වැඩ