(යොහාන් භාසුර)
ලූණු සහ අල මිල අද (11) දිනයේ අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බව සිල්ලර වෙළෙන්දෝ පවසති.
ඉන්දීය ලොකු ලූණු කිලෝවක මිල රුපියල් 285 ත් 290 ත් අතර ද, ලංකා ලොකු ලූණු කිලෝවක මිල රුපියල් 340 ත් 350 ත් අතර ද, පැවැති බව වෙළෙන්දෝ කියති.
ලංකා අල කිලෝවක මිල රුපියල් 360 ත් 380 ත් අතර ද, චීන අල කිලෝවක මිල රුපියල් 210 ත් 220 ත් අතර ද, පාකිස්කානු අල කිලෝවක් රුපියල් 180 ත් 190 ත් අතර ද පැවැති බවත් රතු ලූණු කිලෝවක මිල රුපියල් 550 ක් දක්වා ඉහළ ගොස් තිබූ බවත් වෙළෙන්දෝ සඳහන් කළහ.
සුදු ලුණු කිලෝවක් රුපියල් 380 ත් 390 ත් අතර මිලකට අළෙවි වූ බව ද ඔවුහූ පැවසූහ.
කොළඹ කොටුව තොග වෙළෙඳපොලේ ලූණු සහ අල ඇතුළු සියලුම ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යෑම මෙයට හේතු බව ද වෙළෙන්දෝ වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ වගාකරන අල චීනයේ හෝ පාකිස්තානයේ වවලා නැව් ගාස්තු, රේගු බදු ගෙවලා මෙරටට ගෙන්වන අලවලට වැඩිය මිල වැඩිවෙන්නේ කොහොමද?
කරුණාකර හැමදාම ගොවියා ආරක්ෂා කරන්න කියා, ආහාර ද්‍රව්‍ය තහනම් කිරීම සහ ඒවාට නොසෑහෙන ලෙස බදු ගහන්න එපා. අපේ දරුවන්ට පෝෂ්‍යදායක ආහාරවේලක් දෙන්න ඉතා අමාරුය. අපේ දරුවෝත් මනුෂ්‍යෙයා් නොවේද? අපේ දරුවන්ගේ ජීවිත ආණ්ඩුවට වටින්නේ නැද්ද? දරුවන් මන්දපෝෂණයෙන් පෙළෙනවා කිව් දොස්තර මහත්මයාගේ වැඩ තහනම් කරන එක සාධාරණයිද?
සිල්වා මහත්තයා කියන කතාව හරි. ආහාර ද්‍රව්‍ය මිල දැනට අවුරුද්දකට සාපේක්ෂව තුන් ගුණයකින් පමණ ඉහළ ගියත් අපේ වැටුප වැඩිවෙලා නැහැ. සුරංග මහත්තයා කියනවා වගේ රස බලබලා ඉඳලා බැහැ. බඩගින්නේ ඉන්න මනුස්සයාට ඉඳුල් බතුත් රසයි. ලංකාවේ අර්තාපල් මෙපමණ මිල ඇයි? මේවා සාධාරණ මිලකට දෙන්න බැරිද?