(යොහාන් භාසුර)
ලූණු සහ අල මිල අද (11) දිනයේ අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බව සිල්ලර වෙළෙන්දෝ පවසති.
ඉන්දීය ලොකු ලූණු කිලෝවක මිල රුපියල් 285 ත් 290 ත් අතර ද, ලංකා ලොකු ලූණු කිලෝවක මිල රුපියල් 340 ත් 350 ත් අතර ද, පැවැති බව වෙළෙන්දෝ කියති.
ලංකා අල කිලෝවක මිල රුපියල් 360 ත් 380 ත් අතර ද, චීන අල කිලෝවක මිල රුපියල් 210 ත් 220 ත් අතර ද, පාකිස්කානු අල කිලෝවක් රුපියල් 180 ත් 190 ත් අතර ද පැවැති බවත් රතු ලූණු කිලෝවක මිල රුපියල් 550 ක් දක්වා ඉහළ ගොස් තිබූ බවත් වෙළෙන්දෝ සඳහන් කළහ.
සුදු ලුණු කිලෝවක් රුපියල් 380 ත් 390 ත් අතර මිලකට අළෙවි වූ බව ද ඔවුහූ පැවසූහ.
කොළඹ කොටුව තොග වෙළෙඳපොලේ ලූණු සහ අල ඇතුළු සියලුම ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යෑම මෙයට හේතු බව ද වෙළෙන්දෝ වැඩි දුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
149
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලූණු - අල මිල අසාමාන්‍ය ලෙස නගී
de silva Friday, 11 November 2022 01:19 PM
ලංකාවේ වගාකරන අල චීනයේ හෝ පාකිස්තානයේ වවලා නැව් ගාස්තු, රේගු බදු ගෙවලා මෙරටට ගෙන්වන අලවලට වැඩිය මිල වැඩිවෙන්නේ කොහොමද?
සුරංග Friday, 11 November 2022 04:40 PM
සිල්වා උන්නැහේ... ඔය කියන වර්ග තුනෙන්ම වඩාත් රසවත් අල වර්ගය වවන්නේ කොහේද කියන්න..? ඒ අනුවත් මිල වෙනස් වෙනවා
ala goiyaFriday, 11 November 2022 04:49 PM
කොලිටිය තමයි කොලිටිය ... කාලා බලලා රහේ වෙනස අනික සස් ගාලා තැම්බෙනවා...
sanjeewa Friday, 11 November 2022 04:14 PM
කරුණාකර හැමදාම ගොවියා ආරක්ෂා කරන්න කියා, ආහාර ද්‍රව්‍ය තහනම් කිරීම සහ ඒවාට නොසෑහෙන ලෙස බදු ගහන්න එපා. අපේ දරුවන්ට පෝෂ්‍යදායක ආහාරවේලක් දෙන්න ඉතා අමාරුය. අපේ දරුවෝත් මනුෂ්‍යෙයා් නොවේද? අපේ දරුවන්ගේ ජීවිත ආණ්ඩුවට වටින්නේ නැද්ද? දරුවන් මන්දපෝෂණයෙන් පෙළෙනවා කිව් දොස්තර මහත්මයාගේ වැඩ තහනම් කරන එක සාධාරණයිද?
sanjeewa Friday, 11 November 2022 07:11 PM
සිල්වා මහත්තයා කියන කතාව හරි. ආහාර ද්‍රව්‍ය මිල දැනට අවුරුද්දකට සාපේක්ෂව තුන් ගුණයකින් පමණ ඉහළ ගියත් අපේ වැටුප වැඩිවෙලා නැහැ. සුරංග මහත්තයා කියනවා වගේ රස බලබලා ඉඳලා බැහැ. බඩගින්නේ ඉන්න මනුස්සයාට ඉඳුල් බතුත් රසයි. ලංකාවේ අර්තාපල් මෙපමණ මිල ඇයි? මේවා සාධාරණ මිලකට දෙන්න බැරිද?
චින්තක Saturday, 12 November 2022 06:17 AM
සංජීව මහත්තයෝ රටින් ගේන අල ලාභ තමයි ඒත් ඒවායේ භාගයක් පමණ කොටසක් කුණුවෙලා නැද්ද කියලා බලන්නකෝ එතකොට මිල ලංකාවෙ ඒවා වගේ දෙගුණයක් වෙනවා බඩගින්නෙ හිටියා කියලා කවුරුවත්ම අසූචි කන්නෙ නැහැ නේද සමහර රට අර්තාපල් ගෙනාවට පස්සෙ කුණුවෙනවා ඒ ගද අසූචි වලටත් වඩා ගදයි ඒ වගේම කවුරුවත් රස බලා ගේන්නෙ නැහැ කලින් ගෙනා ඒවායේ රස දන්න නිසා ගේනවා තමුන්නැහැලාගේ ඔය පිටරටදේ සිරිසැපදේ නිසා තමයි මේ රටට මෙහෙම කෙළවෙලා තියෙන්නෙ.