IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ලෙඩ වූ ගොයමට බෙහෙත් ගන්න රජ⁣ය සල්ලි දෙයි

(අංජුල මහික වීරරත්න)

දිස්ත්‍රික්ක කිහිපයක ගොයම් වගාව ආශ්‍රිතව පැතිර යන කහ පුල්ලි රෝගය, කීඩෑ උවදුර හා වටපණු රෝගය ආදී රෝග පාලනයට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.

දිස්ත්‍රික්ක හතරක පමණ වී වගාව ආශ්‍රිතව මෙම රෝග දක්නට ලැබෙන බැවින් රෝග ව්‍යාප්තිය පාලනය සඳහා  සුදුසු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා සදහන් කළේය. 

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින්  විශේෂ නිලධාරි  කණ්ඩායම් ඒ දිස්ත්‍රික්කවලට පිටත් කර යවා ඇති තිබේ. ඔවුන් විසින් රෝග පාලනය සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධවත්, නිර්දේශ කරනු ලබන කෘමිනාශක පිළිබඳවත් ගොවි ජනතාව දැනුම්වත් කිරීමේ වැඩ පිළිවෙළක් අරඹා ඇතැයි ද ලේකම් වරයා සදහන් කළේය.

මෙම රෝග තත්ත්ව පාලනය සඳහා සියලු පාර්ශ්ව කැදවා වහාම සාකච්ඡාවක් මෙම සතියේ  පැවැත්වීමට ද අමාත්‍යවරයා යෝජනා කළේය. එමෙන්ම මෙම කටයුතු සදහා අවශ්‍ය සියලු මුල්‍ය ප්‍රතිපාදන රජය මගින් ලබා දීමට කටයුතු කරන බව ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.



අදහස් (2)

ලෙඩ වූ ගොයමට බෙහෙත් ගන්න රජ⁣ය සල්ලි දෙයි

ගොවිරාළ Tuesday, 10 January 2023 01:57 PM

ඇමතිතුමා විදෙස් ආධාරයක් ලෙස ගොවීන්ට ගෙවනවා කියපු මුදල් තවමත් නැහැ ජනතාව කියන ගොවි නියාමකලා ඔහේලා කියන ලෙසට කෘපනිසලා ලංකාවෙ ඉන්නවද කියලා දැනගැනීමට නැහැ ඉන්නවා නම් තමුන්ගෙ වසමේ වගාබිම් බලන්න ඕන නේද ඇමතිතුමා මින් ඉදිරියට කෘපනිසලා පත්කිරීම කරන විට කුඹුරක් වැඩ නොකල නියරක නොගිය කුඹුරකට බහින්න බැරි කිසිවෙකුට එම පත්වීම් දෙන්න නම් එපා එහෙම අය ඉදගෙන නැහැ කියනවා (Sit and No= සිටානෝ ) මිස කරන වැඩක් නැහැ

:       0       0

ඩේසආච්චි Tuesday, 10 January 2023 04:40 PM

චීන කෙල්ල ඇවිල්ලා කොරෝනා දීලා ගියා. එන්නත් ගැහුවා. බොහෝ පිරිසක් නිතරම ලෙඩින් ඉන්නවා. කොම්පෝස්ට් දුන්නා ගොයම් ලෙඩ හැදූනා. 22 මහ කන්නයට පොහොර මුදල් දෙනවා කිව්වා. තවමත් නැහැ .විදෙස් ආධාරයක් ලෙස අක්කරයට දහ දාහක් දෙනවා කියලා සතියකට පෙර කිව්වා. තවමත් නැහැ. මෙහෙම වුනත් සාගතයක් 23 වසරේ නැතිවෙයිද කියලා කොහොමද හිතන්නේ. අනේ උන්නැහේ කියවන්නෙ නැතුව වැඩක් කරන්නකො.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 199 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 165 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site