(යොහාන් භාසුර)

රට තුළ දැඩි ගෑස් හිඟයක් පැවතිය ද ලිට්‍රෝ ගෑස් සමාගම සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් දින පහක නිවාඩුවක් සඳහා වසා දමා තිබේ.

ලිට්‍රෝ ගෑස් සමාගමේ කෙරවලපිටිය සහ මුතුරාජවෙල ගෑස් පර්යන්ත අද (13) සිට ලබන 17 වැනිදා දක්වා තව දමා ඇති අතර එම කාලය තුළ ගෑස් බෙදාහැරීම සිදු නොවන බවද ලිට්‍රෝ සමාගමේ නිලධාරියකු පැවසීය.

මෙම වසා දැමීමත් සමග සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව රට තුළ දැඩි ගෑස් හිඟයක් සහ පෝලිම් ඇතිවිය හැකි බව ජනතාව පවසති.