
(යොහාන් භාසුර සහ ඩයනා උදයංගනී)
රජයේ සමාගමක් වන ලිට්‍රෝ සමාගම පසුගිය කාලයේ රජයේ විගණනයෙන් ඉවත්වීමට විශාල උත්සාහයක් දැරූ බව පාර්ලිමේන්තුවේ ‘කෝප්’ කමිටුවේ හිටපු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.
එම සමාගම රජයේ විගණනයට එරෙහිව උසාවි ගොස් නීතිඥා ගාස්තු සඳහා පමණක් එම සමාගමේ මුදලින් රුපියල් කෝටි 2 ක් වැයකර ඇති බවත් එය ඉතාම බරපතල තත්වයක් බවත් මහාචාර්ය චරිත හේරත් මහතා සඳහන් කළේය.
රජයට කොටස් සියයට 50 ක් නොව සියයට 98 ක් පමණ හිමි ව්‍යාපාර රජයේ විගණනයෙන් ඉවත්වීමට උත්සාහක කළ අවස්ථාව විශාල සංඛ්‍යාවක් ඇති බවත් ලිට්‍රෝ සමාගම 2021 වසරේ විගණකාධිපතිවරයාගේ විගණනයට එරෙහිව උසාවියෙන් වාරණ නියෝගයක් ලබාගත් බවත් මහාචාර්ය චරිත හේරත් මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සර්ගේ බම්බු නීතිය මේකේ සභාපතිව හිරේ දමලා මදි, එයාගෙන් කෝටි 200ක් අයකර ගන්න ඕනේ... මේ විදිහට මහජන මුදල් විනාශ කරපු නිසා අද අපට කන්න බොන්න බැරි තත්වයක් උදාවෙලා...
මේ ප්‍රශ්නය සහ පාර්ලිමේන්තු සැසිය කල්දැමීම ගැන සඳහන් ලින්ක් එකක් තිබ්බාද?
කොන්ද කෙළින් තබාගෙන නීතිවිරෝධී සහ අවිධිමත් වෑයම වළකමින් ඊට එරෙහිව ක්‍රියාකළ ඔබට ස්තුතියි.
සමාගමේ හිටපු සියලු නිලධාරින්ගෙන් මේ කෝටි ගණන අයකරගන්න මහන්සි වෙන්න දෙයියෝ...
විගණනයෙන් ඉවත්වීමට උත්සාහ කළා කියන්නේ සමාගමේ ලොකු ලොක්කෝ ටික ඔක්කොම සමාගමේ වත්කම් හොඳට හොරාකාලා විතරක් නෙමෙයි, හූරගෙනම කාලා කියන එකයි. මොවුන් එකෙක් නෑර දැඩි දඬුවම් දිය යුතුයි.
ඕනෙම ආයතනයක විගණනයක් කිරීම නරක දෙයක් නෙවෙයි. එහෙම විරුද්ධ වෙනවා නම් එතැන මොකක්හරි වරදක් වෙනවා ඇති. ඒ නිසා ඔවුන් විගණනයට එරෙහිව වියදම් කළ මුදල ඔවුන්ගේ පුද්ගලික මුදලින් ආපසු අයකරගත යුතුයි.
දේශපාලනයේ ඉන්න විශිෂ්ඨ මංකොල්ලකාරයෝ නිසා මේ රට අපායට ගිහින්. මේ අය තමන්ගේ හිතුමතේට මහජන මුදල් අවභාවිත කිරීම ඉතාම කනගාටුදායකයි. අපේ නීති පද්ධතිය නටන්නේ දේශපාලනයේ මේ මංකොල්ලකාරයන්ට අනුවය.
මේ හොරු රැල අයින් කළ යුතුමයි. අපි කොච්චර සතුටු වුණාද ෂෙල් සමාගම පවරා ගන්න කොට. එදා ඉඳන්ම ආණ්ඩු දෙකම මේකෙන් හොරකම් කර ඇති බවයි මේකෙන් අපිට හිතාගන්න වෙන්නේ. හොරකම් කරන් නැත්නම් මොකටද විගණනයට බය වෙන්නේ...?
විදුලි බල මණ්ඩළයට හිමි ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් සමාගමේ කොටස් මංකොල්ල කෑව... LTL පාලකයින් සම්බන්ධව විගණනයක් කරන්නේ නැද්ද?