
(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 200 කින් පමණ අඩු කිරීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය.
ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් හෙට (4) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු වන බවත් අඩු කරන මුදල හෙට පෙරවරුවේ නිවේදනය කරන බවත් එම නිලධාරියා කීය.
ඒ අනුව ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 3,000 ට වඩා අඩුවනු ඇති බව කී එම නිලධාරියා කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක සහ කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල ද මෙයට සමගාමීව අඩුවනු ඇති බව ද සඳහන් කළේය.
ලිට්‍රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 3,186 ක්, කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 1,281 ක් සහ කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 598 ක් ලෙස මේ වන විට පවතී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පදුරකට පයින් ගැහුවොත් ආචාර්ය , මහාචාර්ය දහයක් විතර එලියට විසි වෙන රටේ දැලි නොගෑවෙන්න උයන්න පුලුවන් දර ලිපක් හදන්න එකෙක් නෑ. ඒ අතරේ මේකාලා ගෑස් අච්චරක් අඩු කලා මෙච්චර ක් අඩු කලා කියලා වැලපෙනවා. Thermo සබ්ජෙක්ට් ඔක්කොම වගේ උගන්නනවා කැම්පස් වල. රිසර්ච් වැහි වැහැලා. අදාල ඇත්තන්ගේ අවධානය පිණිසයි.
ලාෆ් මිල අඩු කරන්නෙම නැද්ද ? දැන් කීපාරක් ළිට්‍රො මිල අඩු කලාද ? තාම එක පාරක් වත් මෙක අඩු කලේ නෑ. මේව ගැන හොයන්නෙ නැ කවුරුවත්ම ?
ළිට්‍රො ගෑස් සිලින්ඩර් එක සමග ගන්නත් නෑ. අලුත් සිලින්ඩර් එන්නෙ නැද්ද ?