IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ලිට්‍රෝ මිල තවත් පහළට?

(යොහාන් භාසුර)

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 200 කින් පමණ අඩු කිරීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය.

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් හෙට (4) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු වන බවත් අඩු කරන මුදල හෙට පෙරවරුවේ නිවේදනය කරන බවත් එම නිලධාරියා කීය.

ඒ අනුව ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 3,000 ට වඩා අඩුවනු ඇති බව කී එම නිලධාරියා කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක සහ කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල ද මෙයට සමගාමීව අඩුවනු ඇති බව ද සඳහන් කළේය.  

ලිට්‍රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 3,186 ක්, කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 1,281 ක් සහ කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 598 ක් ලෙස මේ වන විට පවතී. 



අදහස් (3)

ලිට්‍රෝ මිල තවත් පහළට?

සල්ලි Tuesday, 04 July 2023 07:25 AM

පදුරකට පයින් ගැහුවොත් ආචාර්ය , මහාචාර්ය දහයක් විතර එලියට විසි වෙන රටේ දැලි නොගෑවෙන්න උයන්න පුලුවන් දර ලිපක් හදන්න එකෙක් නෑ. ඒ අතරේ මේකාලා ගෑස් අච්චරක් අඩු කලා මෙච්චර ක් අඩු කලා කියලා වැලපෙනවා. Thermo සබ්ජෙක්ට් ඔක්කොම වගේ උගන්නනවා කැම්පස් වල. රිසර්ච් වැහි වැහැලා. අදාල ඇත්තන්ගේ අවධානය පිණිසයි.

:       1       0

sujeewa Tuesday, 04 July 2023 09:41 AM

ලාෆ් මිල අඩු කරන්නෙම නැද්ද ? දැන් කීපාරක් ළිට්‍රො මිල අඩු කලාද ? තාම එක පාරක් වත් මෙක අඩු කලේ නෑ. ‌‌මේව ගැන හොයන්නෙ නැ කවුරුවත්ම ?

:       0       1

sujeewa Tuesday, 04 July 2023 09:43 AM

ළිට්‍රො ගෑස් සිලින්ඩර් එක සමග ගන්නත් නෑ. අලුත් සිලින්ඩර් එන්නෙ නැද්ද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 497 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site