IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ලිට්‍රෝ ගෑස් මිල වෙනසක් නොවේ

(යොහාන් භාසුර)

ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය නොකරන බවත් දැනට පවතින මිල තව දුරටත් පවතින බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (5) පෙරවරුවේ පැවසීය.

ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල ඉහළ යෑම මත ගෑස් මිල සූත්‍රය අනුව ගෑස් මිල ඉහළ දැමිය යුතු වුවද ඩොලරයේ අගය පහත බැසීමේ වාසිය ජනතාවට දෙමින් ගෑස් මිල ඉහළ නොදමන බව කී මුදිත පීරිස් මහතා ඒ අනුව මාර්තු මාසයේ දැනට පවතින මිල ක්‍රියාත්මක වන බව ද සඳහන් කළේය.

ලිට්‍රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක් රුපියල් 4,743 ක ද, කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක් රුපියල් 1,904 ක ද, කිලෝග්‍රෑම් 2.3 සිලින්ඩරයක් රුපියල් 883 ක ද, කොලඹ මිල තව දුරටත් පවතින බවත් ඒ මහතා වැඩි දුරටත් කීය.

 



අදහස් (1)

ලිට්‍රෝ ගෑස් මිල වෙනසක් නොවේ

දාස Sunday, 05 March 2023 12:32 PM

මැතිවරණය පැවැත්වෙන බවට පේන ලකුණක් වගේ, නැත්නම් මේ පාලකයා ජනතාව ගැන හිතන කෙනෙක් නොවෙයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 376 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1016 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site