(යොහාන් භාසුර)
ලිට්රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 775 කින් ඉහළ දැමූ බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහතා අද (5) නිවේදනය කළේය.
ඒ අනුව කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 308 කින් ද, කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 140 කින් ද, ඉහළ දැමූ බවත් නව මිල අද (5) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බවත් ගුණවර්ධන මහතා කීය.
එම මිල ඉහළ දැමීමත් සමග කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 4,765 ක් දක්වා ද, කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 1,910 ක් දක්වා ද, කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 890 දක්වා ද ඉහළ ගිය බවත් ඒ මහතා සඳහන් කළේය.
ගෝලීය යුධමය තත්වය හේතුවෙන් ලෝක වෙළෙඳපොලේ එල්පී ගෑස් මිල සීග්‍රයෙන් ඉහළ යෑම නිසා ආනයනික පිරිවැය ඉහළ ගොස් ඇති බවත් එළඹෙන අලුත් අවුරුදු සමය සහ ජීවන වියදම සැළකිල්ලට ගෙන ලෝක ගෑස් මිල ඉහළ යෑමට සාපේක්ෂව මිල සංශෝධනය කළ බවත් සභාපතිවරයා කීය.
මෙම මාසය සඳහා ඇනවුම් කර ඇති මෙටි්රක්ටොන් 38,000 ගෑස් තොගය මේ වන විට මාලදිවයිනේ පාවෙන ගබඩාවේ ඇති බවත් ඒ හේතුවෙන් සැපයුම අඛණ්ඩව ක්‍රියාත්මක කළ හැකි බවත් චන්න ගුණවර්ධන මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුර කුමාරට ජනාධිපතිකම දුන්න නම් මේ වගේ ප්‍රශ්න එන්නෑනෙ.
රාජ්‍ය සමාගම වුනත් අසාධාරණ ලාභ ලබන තත්ත්වයට පත්වීම කණගාටුවට කරුණක් නේද?
අවලාද, ප්‍රලාප කීම හැරුනුවිට කිසිම දෙයක් බැරිබව අද බලයට පැමිණ තවුරු කර ඇත. ඔබ මේ රටට කල විනාශය අතීතය දන්නෝ දනිති. සහ විපක්ෂයේ සිට ජනතාවට සුරංගනා ලෝක මවා පෙන්වා දැන් මෙසේ කිරීම තුල අතීත කොළ පාට, නිල්පාට, දම්පාට ආණ්ඩූන් සිදුකළ ජන පීඩනයක් සාධාරණීකරනය කර ඇත,එවගේම ඔවුනට මේවනවිට ඔබගේ ක්‍රියාකාරකම් මත අනුකම්පාවක් ද හිමිව ඇත. ගියනුවණ ඇතුන්ලවාවත් අද්දවා ගත නොහැක යන්න පසක් කර ඇත . මෙහි දිට්ඨධම්මවේදණීය කර්ම විපාකය විසින් දේශපාලන කුණු කූඩයට ඔබව ඇදදමනු ඇත.
අනුර කුමාරගේ පුංචි අම්මා සනීපෙන් ඉන්නවද දන්නේ නෑ.