
(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට ඉන්දියාවෙන් බස් රථ 500 ක් මිලදී ගැනීමට මුල් ඇස්තමේන්තුගත වටිනාකමට වඩා වැඩි මුදලක් වැය කිරීමෙන් මණ්ඩලයට 2023 වර්ෂයේදී රුපියල් කෝටි 301 කට වැඩි මුදලක් පාඩුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
ඒ අනුව එම සෑම බස් රථයකටම වැඩිපුර ගෙවා ඇති මුදල රුපියල් ලක්ෂ හැට දෙකක් පමණ බවද එම වාර්තාව සඳහන් කරයි.
මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික විගණන කාර්යාලයේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති ලංකා ගමනාගමන මණ්ඩලයට අදාල තොරතුරු ලේඛනයේය.
COMMENTS
ඇස්තමේන්තුවක් කියන්නේ ගාණ හරියටම දකින්නත් කලින් කරන ගණනය කිරීමක්. එතකොට සැපයුම්කරුගේ ඉන්වොයිස් වටිනාකම ඇස්තමේන්තුවට වඩා වැඩි නම් බස් ගන්නේ නැතිව නිකම් හිටියා නම් මේ ප්‍රශ්න එන්නේ නෑ කියලාද මේ කියන්නේ? මේ ගණන් හැදිල්ලට අනුව ඇස්තමේන්තු ඩබල් කරලා දාලා තිබ්බා නම් කෝටි ගාණක ලාබයක් එන්නත් පුළුවන්ද?
2500ට මාසයක් කන මදි නිසා වෙන්නැති මේ කාලා ඇත්තේ...
ඔන්න සීයගේ ටිකිරි මොලේ... මොවුන් කරලා තියෙන එකම දේ හොරා කෑම විතරයි.
වියදම් කරන්නේ නැතිව කෝටි ගානක් සල්ලි බැංකුවේ නිකම් තියාගෙන ඉන්න එක හොඳයි කියල හිතන් ගොන් වාහෙලා ඇස්තමේන්තුවක් සහ ඉන්වොයිසි වටිනාකම් අතර වෙනස දන්නේ නැති එක පුදුමයක් නෙවෙයි
ඈ බන් හිවලෝ, එක බස් රථයකට ඇස්තමේන්තු ගානට වැඩිය ලක්ෂ 62ක් වැඩිවෙන්නෙ, ඇස්තමේන්තුව අරං තියෙන්නෙ බස් රථයක චැසියටයි, රෝද ටිකට විතරද? හොරුන්ට කඩේයන මේ වගේ එවුං හින්ද තමයි මේ රටට ඔළුව උස්සගන්න බැරි.
මේක පටන් ගත්තේ 2018 ඉන්දියානු ණය ව්‍යාපෘතියකින්. USD මිලියන 15.03 ඒකට වෙන් උනා . 2023දී බස් රථයක් ගත්තේ FOB USD 26662.5 ට . බස් රථ 500 ටම ගියේ FOB USD 13,331,250 (13.33125mn).2018 දී USD 1=Rs.180, 2023 USD 1= RS.370. දැන් ගාන හදන්න .FOB වියදම Rs2530 MN විතර වැඩි උනා .දේශීය වියදම Rs500mn විතර වැඩි උනා .ඔඩිට් ලා ඉඳලා තියෙන්නේ ලංකාවේ නෙමෙයි .ඒගොල්ලන්ගෙම ලෝකේ
kamal, මෙතන මාටියා ගහලා කියලා ඔයාට පැහැදිලි නැද්ද ?
සුජිත් මහතාණෙනි, ඔබේ අරමුණ මහජනතාව දැනුවත් කිරීම නම් ප්‍රකාශයට පත් කිරීමට පෙර කරුණාකර කරුණු පරීක්ෂා කරන්න. සත්‍යය අතර වෙනස හඳුනාගත නොහැකි තත්වයක අපි සිටිමු.