(නිමල කොඩිතුවක්කු)
පුද්ගලික බස් රථ හිමියන් ඇතුළු සේවකයන් විසින් ශ්‍රී ලංගම බස් රථ වල සේවය කරන සේවකයන්හට සිදු කරන අමානුෂික පහරදීම් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකරන්නේ නම් ශ්‍රී ලංගම සියලුම ඩිපෝවල සේවකයන් ඉදිරියේ දී අඛණ්ඩ වෘත්තිය වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය සඳහන් කරයි.
රත්නපුර ඩිපෝවේ මහනුවර රත්නපුර අතර ධාවනය කළ බස් රථයේ කොන්දොස්තර වරයෙකුට සිදුකළ අමානුෂික පහර දීම සම්බන්ධයෙන් මෙතෙක් නීතිය ක්‍රියාත්මක වී නොමැති බවත් එම සංගමයේ ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ මහතා සඳහන් කරයි.
පහරකෑමට ලක්වූ කොන්දොස්තර මහතා මේ වන විටත් රත්නපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් පහරදීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකර අදාළ පිරිස් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලීමක් කරන බවත් ලියනගේ මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් රත්නපුර ඩිපෝවේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇති බවත් පහරදීම් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකරන්නේ නම් ඉදිරියේදී දිවයින පුරා සියලුම ඩිපෝවල මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ව්‍යාප්ත කරන බවත් ඔහු පැවැසීය.
අදාල පහරදීම සම්බන්ධයෙන් මේ වන විට විෂය භාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා දැනුවත් කර ඇතැයිද ඔහු තවදුරටත් කීවේය.
2025 දෙසැම්බර් මස 18
240
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
175
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
981
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලංගම සේවකයන්ට සිදුවන මැර ප්‍රහාරවලට එරෙහිව අඛණ්ඩ වර්ජනයක්?
sanath Wednesday, 26 October 2022 05:47 PM
ප්‍රයිවට් බස් එක අයිති දේශපාලුවෙකුට වෙන්නට ඇති...
මැක්ස් Wednesday, 26 October 2022 08:21 PM
රටම දැන් ගිහින් තියෙන්නේ ත්රාඩකමට, මැරවර කමට, චන්ඩි කමට. ඒකනේ මහජන චන්දෙන් පත්වෙච්ච නායකයෝ ඉවත් කරල වෙනත් කෙනෙකුට බලය දෙන්න "අරගලකාරීන්" වශයෙන් හංවඩු ගැසූ මැරවර කණ්ඩායමකට පුළුවන් උනේ. මිනිස්සුන්ගේ ගමනාගමනය පහසු කරන්න කියල ජේ. ආර්. උන්නැහේ කැන්දන් ආපු පුද්ගලික බස් ත්රාඩයෝ ලංගම සේවකයන්ට අඩන්තේට්ටම් කරන්නේ "පොදු ප්‍රවාහන සේවය" කියන්නේ උන්ගේ බුදලයක් කියල හිතා ගෙන. මේවට විරුද්ධව නීතිය ක්‍රියාත්මක විය යුතු උනත් ඒවයෙන් බේරෙන්නත් මේ මැරයෝ දන්නවා.