IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ලංගම ‘සිටි බස්’ සේවය නතර කර නෑ

(යොහාන් භාසුර)

ලංගම සභාපති ධූරයෙන් තමන් ඉවත්කිරීමට හේතුව ලෙස අමාත්‍යවරයා දක්වා ඇති මාකුඹුර සිට කොළඹ කොටුව දක්වා ‘සිටි බස්’ සේවාව නතර කර නොමැති බවත් එම ව්‍යාපෘතිය සඳහා විශාල මුදලක් වැයකරමින් පෞද්ගලික අංශයෙන් බස් ගැනීම පමණක් නතර කළ බවත් ලංගම සභාපති ධූරයෙන් ඉවත් කළ කිංස්ලි රණවක මහතා පැවසීය.

මෙම ව්‍යාපෘතිය සඳහා පුද්ගලික සමාගමකට විශාල මුදලක් ගෙවීම ප්‍රශ්නයක් වියහැකි නිසා බස් කුලියට ගැනීම පමණක් අත්හිටුවිමට අධ්‍යක්‍ෂ මණ්ඩලය තීරණය කළ බව කී රණවක මහතා ලංගම සතු බස් රථ 6 ක් යොදාගනිමින් බස් සේවාව තව දුරටත් ක්‍රියාත්මක වන බව ද සඳහන් කළේය.  

මෙම ව්‍යාපෘතියට ආසන 35 කුඩා බස් රථයක් මායකට රුපියල් 275,000 බැගින් බස් රථ 12 ක් කුලී පදනම මත ලබාගෙන මාස තුනට රුපියල් ලක්‍ෂ 67 ක් ගෙවූ බවත් එම ව්‍යාපෘතියෙන් මාස තුනකදී ලක්‍ෂ 85 ක පාඩු වී තිබූ බවත් රණවක මහතා කීය.  

‘සිටි බස්’ සේවය බන්දුල ගුණවර්ධන මහතා අමාත්‍ය ධූරයට පත්වීමට පෙර ගාමිණි ලොකුගේ, දිලුම් අමුණුගම යන ඇමතිවරු සහ තමන් එකතුව ආරම්භ කළ ව්‍යාපෘතියක් බවත් එය ‘කොව්ඩි’ හේතුවෙන් නතර කිරීමෙන් පසුව බන්දුල ඇමතිවරයාගේ මැදිත්වීමෙන් නැවත බස් සේවය ආරම්භ කළ බවත් හිටපු සභාපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.



අදහස් (3)

ලංගම ‘සිටි බස්’ සේවය නතර කර නෑ

නිශාන්ත Friday, 09 December 2022 06:58 PM

ලංගම හිටපු සභාපති කියන කතාව ඇත්ත. ප්‍රයිවෙට් බස් කරුවන් සතුටු කරන්න ලංගමට පාඩු විදින්න බැහැ.

:       0       4

Sk Saturday, 10 December 2022 07:18 AM

සිටි බස් එකේ මම ගිය දවසේ බසයටම. හිටියේ මගින් 4 දෙනයි පාඩු නොලබයිද ඒ සන්කල්පය අපේ රටට ගැලපෙනේනේ නැ

:       0       2

Sunil Saturday, 10 December 2022 08:19 AM

මේ ආර්ථික ඔස්තාර් ඇමති දන්නා ඉටිගෙඩිය. එයා අතගහන හැම ව්‍යාපෘතියක්ම බංකොලොත්.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 785 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 578 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site