
(සුජිත් හේවාජුලිගේ)
ලංකා ගමනාගමන මණ්ඩලයේ වෘත්තීය සමිති අටක නියෝජිතයන් සඳහා විවෘත නිදහස් ගමන් අවසර පත්‍ර 138ක් නිකුත් කිරීමෙන් රුපියල් කෝටි හතරකට වැඩි පාඩුවක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ
එසේම හුවමාරු පදනම මත දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ලබා ගත් දුම්රිය නිදහස් ගමන් අවසර පත් විසි දෙකක් වෘත්තිය සමිති සඳහා ලබාදීමෙන් තවත් කෝටි දෙකකට වැඩි පාඩුවක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය පැවසීය
රජය පිළිගත් වෘත්තිය සමිති සම්මේලනයක් වෙනුවෙන් නිලධාරීන් දෙදෙනකු පූර්ණ කාලීනව සම්මේලනයේ කටයුතු සඳහා නිදහස් කළ හැකි බවත් එසේ මුදා හරින නිලධාරියෙකුට දිවයිනේ ඕනෑම ස්ථානයකට ගමන් කිරීම සඳහා නිදහස් දුම්රිය බලපත්‍ර සහ ලංකා ගමනාගමන මණ්ඩලයේ නිදහස් ප්‍රවේශ පත්‍ර ලබාදිය යුතු බවත් පැවසිය. කෙසේ වෙතත් ඉහත නිදහස් ගමන් බලපත්‍ර නිකුත් කර ඇත්තේ ඒ නීතියට පටහැනිව බවද එම වාර්තාව ප්‍රකාශ කරයි.
මේ තොරතුරු සඳහන් වන්නේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන ලේඛනයේය.
2025 ඔක්තෝබර් මස 08
1910
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1521
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
534
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ලංගම ’’යුනියන්’’ ලොක්කන්ට අවසර පත්‍ර දී කෝටි අටක පාඩුවෙලා
Chaamari Wednesday, 01 October 2025 04:24 PM
ඒ ගියපු අයට කෙහෙල් කැන් පැනිමුල් හාල් පොල් තේකොළ උම්බලකඩ කරවල, හාල්මැස්සෝ නුවරඑළියේ වැලිමඩ පැතිවල ගියා නම් අර්තාපල් යාපනේදී රතුළූණු වගේ දේවල් ලැබුනේ නැද්ද?
Nel Wednesday, 01 October 2025 04:32 PM
ඔය ලොක්කෝ ගොඩේ රන්ජන් ජයලාල් සහ මහින්ද ජයසිංහ එහෙම නැතුව ඇති නේද? සේවය කරලා පඩි ගත්තු අයනේ...
ගුණරත්නWednesday, 01 October 2025 04:52 PM
ඔය යුනියන් අයට හිස ඔසවන්න නොදුන් කාලයක වුණු දූෂණ, දැන් යුනියන් ලොක්කෝම තමයි ආණ්ඩුව රන් කරන්නේත්, හිතාගන්න පුළුවන් දූෂණ ඉහළ යන පරිමාණය...
අරවින්ද මොණරවිල Wednesday, 01 October 2025 07:57 PM
මේ කසළ ශෝධකයෝ ප්‍රශ්නයේ අල්ලා ගන්නේ වලිගයෙන්මයි, මහින්ද ජයසිංහවත් රන්ජන් ජයලාල්වත් ලංගම වැඩ නොකෙරුව බව නොදන්නා එවුන් දේශපාලන කතා කරන විට අන්ධයෝ අලියා ගැන කිව්ව කතාව මතක් වෙනවා.
fairoos Wednesday, 01 October 2025 08:35 PM
ගුණරත්නට තේරෙන්නේ නැද්ද? මේක වෙලා තියෙන්නේ 2023 කියලා. නැතිනම් හොරුන්ට කඩේ යන කොන්ත්‍රාත්තුවක් අරන් තියෙනවාද?