IMG-LOGO

ලංගම බසය හිටි හැටියේ ගිනි ගනී

(කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ බුලාගල ප්‍රදේශයේ  රාත්‍රියේ ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක්  එක වරම ගිනි ගැනීමට ලක්ව ඇතැයි පොලීසිය කියයි.

මෙසේ ගිනි ගෙන ඇත්තේ   අනුරාධපුර ඩිපෝවට අයත් ලංගම බස් රථයක් බව දඹුල්ල පොලිසිය කියයි.

අනුරාධපුරයේ සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ මෙම බස් රථයේ මගින් දෙදෙනෙකු බැස්සවීම සඳහා දඹුල්ල බුලාගලදී   වේගය අඩු කරනවාත් සමඟ එක වරම බස්ර රථයේ ගින්නක් හටගෙන ඇති බව පොලීසිය කියයි.

විනාඩි කිහිපයකින් බස් රථයේ එන්ජිමේ ගින්න වැඩිවීමත් සමඟ බස් රථයේ සිටි මගීන් කෑකෝ ගසමින් එළියට පැන තිබේ.

අනතුරුව ප්‍රදේශවාසීන් හා මගීන් එක්ව  දැඩි වෙහෙසක් දරා නිවෙස් වල ඇති ජල බට රැගෙනවිත් ජලය  යොදමින් බස් රථයේ ගින්න පාලනය කර ඇතැයිද පොලිසිය කීවේය.

දඹුල්ල මහ නගර සභාවේ ගිනි නිවන  ඒකකයට ඇමතුමක් ලබාදී  මේ පිළිබදව දැනුම්දීමෙන් පසු එම පිරිස් කඩිනමින් පැමිණ බස් රථයේ ද සිදු වන්නට ගිය  විශාල විනාශ වළක්වාලීමට සමත් විය.

බස් රථය ගින්නට අසු වූ ආකාරය සොයා ගෙන   නොමැති අතර ඇතැම් විට කාර්මික දෝෂයකින් මෙම ගින්න හටගන්නට ඇතැයි දඹුල්ල බස් ඩිපෝවේ කාර්මික අංශයේ නිලධාරීහු පවසති.


 

 



අදහස් (0)

ලංගම බසය හිටි හැටියේ ගිනි ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 26 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 12 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 663 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site