(අංජුල මහීක වීරරත්න)
ලග්ගලට ඇතිවී තිබෙන අසාධාරනකම් ඊළඟ වසර දෙක තුනේදී නිදොස් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලග්ගලදී අද (28) පැවැසීය.
ලග්ගල වතුර ලග්ගල තියා ගන්නත් කලුගඟ ව්‍යාපාරයෙන් අසාධාරණයක් නොවන ආකාරයට වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටත් කටයුතු කරන බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයේ ලග්ගල ප්‍රධාන සංවිධායිකා පාර්ලිමේන්තු මන්ත්රීනී රෝහිනී විජේරත්න මහත්මිය ලග්ගලට සිදුවී තිබෙන අසාධාරණකම් තමන්ට දැනුම් දී ඇති බවත් කී අග්‍රාමාත්‍යවරයා ඊළඟ වසර දෙක තුනේදී මේ සියලු අසාධාරණ නිදොස් කරන බවද කීය.
‘‘ලග්ගලට අසාධාරණයක් වෙන්න බැහැ. අනික් ඕනෑම ප්‍රදේශයකට උදව් කලාට කමක් නැහැ. ලග්ගල වතුර ඒ ප්‍රදේශයටත් ප්‍රයෝජනයට ගත යුතුයි යනුවෙන්ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවැසීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසූවේ ලග්ගල ප්‍රදේශවාසීන් සඳහා ඉඩම් ඔප්පු සහ සමෘද්ධි ප්රතිලාභ බෙදාදීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු දෙක තුනේදී කොහොම විසඳන්නද? මේ අවුරුදු හතරාමාරටම රටට වැඩක් නොකළ ඔහෙලා... තව මාස 6 කදී තොලොංචි වෙලා යන්න ලැහැස්ති වෙන්න...
මෙයා හිතන් ඉන්නේ තව අවුරුදු දෙක තුනක් ඉන්න....
කටෙන් බතල විතරයි වැඩ නැහැ. තව මාස 6කින් කොහොමටත් ගෙදර... ජනාධිපතිවරණයට ඉල්ලුවොත් මාස හතරකින්ම ගෙදර. සජිත්ට තමයි පක්ෂ නායක කමයි, විපක්ෂ නායක කමයි ලැබෙන්නේ...
කොහොමද ඒක? තව අවුරුදු 2ක් 3ක් ඉන්න ලෑස්තිය...
යූ.එන්.පී, විපක්ෂ ... පරාජය පිළිගන්න වෙලා.. පාරම්පරික දේශපාලනය අත හරින්න කාලය ඇවිල්ලා.
මට නම් මෙයා හරියන්නේ නැහැ.
මේ සැරේ මනාපය ගන්න එක ලේසි නැහැ..
අපේ රටේ දේශ පාලකයින්ගෙන් උගත්, බුද්ධිමත් ලොව ප්‍රසිද්ධ කෙනකුට ඉන්නේ ඔබතුමා පමණයි. එ්ත් මොකද මේ අපේ රටට වෙලා තියෙන්නේ? ජනාධිපතිටත් වැඩි බලයක් තියෙන්නේ... මොනදේ කරන්නත් කලින් රටක නීතිය ක්‍රියාත්මක කරන්න තිබුණා. එක හොරෙකුට දඬුවම් දුන්නද? අදටත් නැහැනේ... මුළු ලෝකයම හිනහවෙන්නේ... උගතුන් පිරි රටක්, ඒ රට වලපල්ලට යනහැටි. කිසිම දවසක මෛත්‍රිට නෙමේ බනින්නේ. ඔබතුමාට කෝටිගණන් මුදල් ලැබුණත් ජනතා සම්මානය තරම් ඔය කිසිවක් වටින්නේ නැහැ.. සුද්දෝ පාලනය කරන රටවල ඒ නායකයින් මුදල් පස්සේ, ඡන්ද පස්සේ දුවන්නේ නැහැ. ජනතාවගේ හිත සතුටු කරන්න. වැඩ කරන්නේ නීතිය රජ කරමින්... ඒකයි ඒ රටවල් දියුණු...
දන් තම සමෘදිය බලන්නේ. ඡන්දය ළඟ නිසා දුක හිතිලවගේ
ජනතාව දැන් තේරුම් අරන් ඉන්නේ. කොහොමත් විපක්ෂයට යාමට වරම් හිමි වෙනවා.
ගල කියලා මොනයම් ස්ථානයක් වේද, එතැනට එතුමගේ සහයෝගය ලැබෙනවා.