
(දිල්රුක්ෂි ග්‍රේරු)
මාතලේ, ලග්ගල පල්ලේගම පොලිස් වසමේ හත්තොට අමුණ ප්‍රදේශයේදී මැණික් පතලක පස්කණ්ඩියකට යට වීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි ලග්ගල පොලීසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ කන්දෙපිටවල හත්තොටඅමුණ ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 40ක් වන ඒ එම්. එම් .ජී උපාලි කුමාර නැමැති දෙදරු පියෙකු බව පොලීසිය පැවසීය.
මෙම පුද්ගලයා ඇතුළු තවත් පුද්ගලයින් සිව්දෙනෙකු පෞද්ගලික ඉඩමක මැණික් පතලක් හාරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි.
මෘත ශරීරය ලග්ගල පල්ලේගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ලග්ගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd