IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


ලග්ගල කෝටි 6 කොල්ලයේ නවයක් මාට්ටු

(ෂේන් සෙනෙවිරත්න,ගයාන් සූරියආරච්චි, රවින්ද්‍ර විරාජ් සහ කාංචනකුමාර ආරියදාස)

ලග්ගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු බියගන්වා රුපියල් කෝටි 06 කට අධික මැණික්, රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකෑමට සම්බන්ධ සැකකරුවන් 09 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර චීවරධාරියෙකු ද සිටින බව පවසන පොලිසිය අනෙක් සැකකරුවන් වත්තේගම, පොල්පිතිම, සපුගස් කන්ද, කුරුණෑගල, විල්ගමුව සහ රත්නපුර ප්‍රදේශවල  පදිංචි වයස අවුරුදු 38-50 අතර වයසේ පුද්ගලයන් බවද පොලිසිය කියයි.

සැකකරුවන් සන්තකයේ තිබී කොල්ලකන ලද රුපියල් කෝටියකට අධික මුදලක්, රන් පවුම් 07 ක් සහ කොල්ලකෑමට උපයෝගී කරගත් සෙල්ලම් පිස්තෝල 02 ක් පිහියක් සහ වෑන් රථයක්ද අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම මංකොල්ලය ඉකුත් නොවැම්බර් මස 10 වැනිි දින ලග්ගල ප්‍රදේශයේදී ගිනි අවි පෙන්වා බිය ගන්වා සිදුකොට තිබුණ අතර සැකකරුවන් මාවතගම සහ පොල්පිතිගම ප්‍රදේශවලදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

(කාංචනකුමාර ආරියදාස)



අදහස් (1)

ලග්ගල කෝටි 6 කොල්ලයේ නවයක් මාට්ටු

Silva Sunday, 01 December 2024 06:41 PM

නව දෙනෙක් ඇල්ලුවා කිව්වාට ෆොටෝ එකේ දහ දෙනෙක් ඉන්නවානේ. පුදුම හොරු තමයි ඉන්නේ...!

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 302 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 785 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 142 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site