(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කෝප් කමිටුවේ නිලධාරිනියකට එහි හිටපු සභාපතිවරයකු ලිංගික හිංසන කර ඇතැයි රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා පාර්ලිමේන්තුවේදී අද (17) පැවසීය.
.
මේ සම්බන්ධයෙන් එම නිලධාරිනිය අදාළ අංශවලට පැමිණිලි කර තිබියදී ක්‍රියාමාර්ග නොගන්නේ මන්දැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.
පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා කිරීමට පාර්ලිමේන්තු මහ ලේකම්වරිය සභාපතිවරුන්ගේ හැසිරීම් ගැන අවධානය යොමු කළ යුතු බවද විතානගේ මහතා කීවේය.
හේශා විතානගේ මහතා මෙසේද පැවසීය.
කෝප් කමිටුවේ හිටපු සභාපතිවරයකු එතන නිලධාරීතුමියකට ලිංගික වශයෙන් හිංසනයට ලක් කළා කියල චෝදනාවක් තියෙනවා. එම නිලධාරිනිය මේ ගැන කාන්තා සංසදයේ සභාපතිනිය දැනුවත් කරලා තියෙනවා. මේ තරම් පහත් තැනකට ගිහිල්ලා තියෙද්දී ඇයි තීන්දුවක් ගන්නෙ නැත්තෙ. 132 ස්ථාවර නියෝග අනුව කටයුතු කරන්න කියලා මම ඉල්ලනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝප් කමිටු සභාපතිලා දුසිම් ගනන් හිටියේ නෑ නොවැ. දැන් ඉන්න එකයි කලින් හිටපු එකයි. ඔක්කෝම දෙන්නයි. හිටපු සභාපතියෙක් නම් ඉතින් කලින් හිටිය කෙනා. එකේ පන්තියේ පොඩි එකෙකුටත් තේරෙනවානේ ඔය කතාව ආයිබෝවන්...!
මැගී ආච්චියේ, දැනට කෝප් සභාපතිලා 15ක් ඉඳලා තියන බව දන්නේ නැද්ද?
රංජිත් මද්දුම බණ්ඩාරට පෙර චරිත හේරත් ඊට කළින් සුනිල් හඳුන්නෙත්ති හිටියා වගේ මතකයි..
හිරලුවෙක්ද?
මාව අමතකද?
මම මේක දැක්කේ නැති වුණත්, මම සතා ගැන හොඳින් දන්නා නිසා මේ කතාව සම්පූර්න ඇත්තක් ලෙස පිළිගන්නවා. අමු කපටියෙක්, ලෝක හොරෙක් සහ කටපාඩම් කාරයෙක් මිස උගතෙක් නොවන බව බය නැතුව කියනවා. ඕනේ නම් චැලෙන්ජ් කරනවා එහෙම නොවේ කියලා කියන්න කියලා...
පේරාදෙනියේ නම ගෑවුණු, චීවරයට අපහාස කළ රාජපක්ෂලාගේ පස්සෙන් ගිය අය තාමත් මහඇදුරුද?