
(ඩයනා උදයංගනී)
ඉතිහාසයේ ප්‍රථම වරට ”ලක්සල” අළෙවි ප්‍රදර්ශනාගාරයක් ඇමරිකා එක්සත් ජනපදයේ විවෘත කිරීම සඳහා වූ ව්‍යාපාරික ගිවිසුමකට අත්සන් තැබීම “ලක්සල” ආයතනය හා “බූම් ලංකා බතික් ඇන්ඩ් ගිෆ්ට්ස් එල්.එල්.සී (සිලෝන් ගැලරි)” වරලත් නියෝජිත ආයතනය අතර සිදුකෙරිණි.
මෙම ගිවිසුම අත්සන් තැබීම තුම්මුල්ල ”ලක්සල” ආයතනයේදී සිදුකෙරිණි.
කොවිඩ් වසංගත තත්වය සමඟ විදේශීය සංචාරකයින් මෙරටට නොපැමිණීම නිසා සියයට 90 කින් පමණ පහත වැටුණු ලක්සල අලෙවි ආදායම නව ව්‍යාපාරික සැලැස්මක් යටතේ පූර්ණය කර ගැනීම හා දේශීය නිෂ්පාදකයන්ට ශක්තිය සැපයීම මෙහි මූලික අරමුණ බව මෙම අවස්ථාවට එක්වෙමින් බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.
ඇමරිකා එක්සත් ජනපදයේ “ෆ්ලොරිඩා” හි ආරම්භ කරනු ලබන එම වරලත් අලෙවිසැල මගින් ”ලක්සල” සන්නාමය යටතේ මෙරට පාරම්පරික හස්ත කර්මාන්ත නිර්මාණ ශිල්පීන්ගේ භාණ්ඩ බතික්, අත්යන්ත්‍ර රෙදිපිළි හා ශ්‍රී ලාංකීය තේ, කෝපි, කුළුබඩු, ආයුර්වේද නිෂ්පාදන, කාබනික ආහාර වර්ග හා දේශීය රූපලාවන්‍ය භාණ්ඩ ආදිය ප්‍රවර්ධනය කිරීමට නියමිතය.
මෙවැනි ”ලක්සල” අලෙවි ප්‍රදර්ශනාගාර 50ක් ඇමරිකාවේ අනෙකුත් ප්‍රාන්ත තුලද ස්ථාපිත කිරීමට සියළු කටයුතු සූදානම් කර අවසන් බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
මීට අමතරව 2023 වසර අවසන් වීමට ප්‍රථම මෙවැනි වරලත් අලෙවි නියෝජිත ප්‍රදර්ශනාගාර ජපානය, ඕස්ටේ්‍රලියාව, එක්සත් රාජධානිය, කැනඩාව හා මැදපෙරදිග රටවල් තුළද විවෘත කිරීමට සැලසුම් කරමින් සිටින බව දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.
බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යංශ ලේකම් ජානක ධර්මකීර්ති, ලක්සල ආයතන සභාපති නීතීඳ ලක්මල් වික්‍රමආරච්චි යන මහත්වරුන් සහ සිලෝන් ගැලරි වරලත් නියෝජිත ආයතන සභාපති සුදර්මා වර්ණකුලසූරිය මෙනෙවිය ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාසයක් තියේවි, නැත්නම් පාඩුයි කියලා ගුවන් සේවය වගේ දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි පොම්ප කරාවි. හේතුව මේකට දමන්නේ තමන්ගේ නෑ පරම්පරාවේ කෙනෙක්. එයාට හැදෙන්න කරන වැඩ. අපිට ඕවා ගැන ධනාත්මකව හිතන්න උදාහරණ දීලා නැහැ මේ පාලකයින්...
මෙහෙම නිවුස් දකින්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවට...
අපේ පවුලේ අයගේ වැඩ බැලුවනම් මේ වරලත් නියෝජිත ආයතනය තෝරගත්තේ සුදුසුකම්වලට කියලා සහතිකයි
කොළඹ එක වහල ගොඩනැගිල්ලත් ඉඩමත් විකුනලා ඇමෙරිකාවේ කුලියට අරගෙන අරිනවා. පුදුම වැඩ තමයි මේවා. මැතිනිය හිටියානම් කරන හැටි කියල දෙයි හොඳට.
මොන දෙයක් කළත්... ඒකේ හොඳක් දකින්නේ නැති ජාතියේ මිනිස්සුත් ඉන්න රටක් තමයි අපේ මව්බිම... ශ්‍රී ලංකාවේ නාමය ලෝකයාට පෙන්වන්න පුළුවන් හොඳ අවස්ථාවක්... ඒ නිසා සෑම දෙයක් දිහා වපර ඇහින් බලන්න එපා.
හරියට කරනවානමිි ඉතා හොද වැඩක්. මමත් පිටරට Retail Feeild එකේ පලපුරැද්ද ඇති දෙයකි. ඉන්දියානුවන් ඔවුන් ඉතා ඉහළ ලබ ලබන ලෙස පවත්වාෙගන යයි. අපට බැරිකමක් නැ එත් දේශපාලන අත පෙව්වම සේරම ඉවරයි
හොඳ වැඩක්... එය සාර්ථක වේවා...!