
(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
නල්ලතන්නිය මස්කෙළිය සමාගමට අයත්, ලක්ෂපාන වත්තේ තේ කර්මාන්ත ශාලාවේ අද (09) අලුයම හට ගත්ත හදිසි ගින්නක් හේතුවෙන් එම කර්මාන්ත ශාලාවේ විශාල ප්‍රමාණයක් දැවී විනාශයට පත් වී ඇති බව නල්ලතන්නිය පොලිසිය පවසයි.
අද අලුයම හටගත් මෙම ගින්න නිවා දැමීමට නල්ලතන්නිය පොලිසිය, මවුස්සාකැලේ යුද හමුදා කඳවුරේ නිලධාරීන්, විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් එම වතුයායේ කම්කරුවන් සමග එක්ව මහත් පරිශ්‍රමයක් දැරිය.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත්, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන බවත් නල්ලතන්නිය ලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd