(සුජිත් හේවාජුලිගේ )
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අනුව 53,25,108 ක පමණ පිරිසක් මහ මැතිවරණය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශකර නොමැති බව පැවසේ.
එසේම මෙවර මැතිවරණයේදී ඡන්ද හය ලක්ෂ හැට හත්දහස් දෙසිය හතළිහක් ( සියයට 5.65) ඡන්දය ප්‍රතික්ෂේප වී ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.
මෙවර මහ මැතිවරණය සඳහා ඡන්ද දායකයෝ 1,71,40,354 ක් ලියාපදිංචි වී සිටියහ.
ඉන් ප්‍රකාශිත මුළු ඡන්ද සංඛ්‍යාව 1,18,15,246කි.
වලංගු ඡන්ද සංඛ්‍යාව 1,11,48,006 ක් බව සඳහන්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ හැමදාමත් වුනේ පැති වලට බෙදිලා දේශපාලනය කරන එක. තමන්ගේ පැත්තට ඡන්දය නොදුන් අය බූරුවෝ ගානට දන එක. දැනුත් එහෙමයි. මේකෙන් කියන්නේ පාලන පක්ෂයට ලැබුණු ඡන්ද වලට වඩා ගණනක් එළියේ තියනවා කියන එක. හරියට වැඩේ කරන්න ඕනේ නන් හෙමිහිට ඒ ගොල්ලෝ දිනා ගන්න වෙනවා... වැඩ කරලා... නම් කියලා ඔවුන්ව දෙකේ කොලේට දාලා නොවෙයි...
ප්‍රතික්ෂේප වුණා කියන්නේත් හොරට දමාවි කියලා අවලංගු කරන්න කටයුතු කරපුවා කියලා හිතෙනවා. එහෙනම් ලියාපදිංචි ඡන්ද දායකයින් තුනෙන් එකක් පමණ ගියා නම් ඉතිරි තුනෙන් දෙකෙන් නේද? මොන පක්ෂයේ වුණත් ආණ්ඩුව පත්වෙන්නේ...!
රනිල් සීයා සහ ඉංග්ලිශ්මන් සජිත් වගකියන්න ඕනෑ නේද? මොවුන්ගේ බල තන්හාව ලංකාවේ දක්ෂිණාංශික ඡන්ද පදනම විනාශ කර දැම්මා නේද? ඒක භයානක ව්‍යවසන තත්ත්වයක්...
ඡන්දය ප්‍රකාශ නොකර සිටින අය ඉදිරිපත්ව සිටින දේශපාලන පක්ෂ කෙරෙහි විශ්වාස නොකරන පිරිසක් විය හැකිය. කියන බොරුවලට නොරැවටෙන පිරිසක්. මෙවැනි පිරිසකට තම මතය ප්‍රකාශ කරන්න ක්‍රමයක් සකස්කල යුතුය.
ලෝකෙ පුරා විසිරී සිටින අය ගැන සංගණනයක් කළොත් හරියටම ඡන්දය ප්‍රකාශ කළ ප්‍රමාණය දැනගන්න පුළුවන්...!
අඩුවෙන මනාප ගැහුවේත් මේක ගොඩක් අය දේශපාලන පාටියකට විතරයි. මනාප ගැහුවේ නෑ.
මෙවර මැතිවරණය ගැන හරියටම ගණන් බැලුවොත් මෙතෙක් ආණ්ඩු පත්වුනු ආකාරයටම මෙවරත් ලියාපදිංචි ඡන්දවලින් ආණ්ඩුවට ලැබිලා තියෙන්නේ 40.041%, ක් පමණයි. 59.959% විරුද්ධව ඉන්නවා. එනිසා තමයි මෙතෙක් කාලයක් රටේ සංවර්ධනයක් නොවුනේ. එනිසා තමයි උණුත් එකයි, මුනුත් එකයි කියන්න ඇත්තේ. එනිසා නව රජය යටතේ සියළුම දෙනාට සමානව සේවයක් කර රටේ සංවර්ධනය කරාවි කියලා හිතෙනවා...!
මනාප දීම නම් ගොඩක් අඩුවුණා. පක්ෂයකට විතරයි ගොඩක් මනාප දුන්නේ.
තමන් ලබපු ජයග්‍රහණය සමරන අතර ඡන්දෙ නොදීමට හේතුව හොයලා ඒ අයවත් දිනාගන්න උත්සාහ කරන්න. මොකද ඒ ප්‍රතිශතයේ අගය අසාමාන්‍ය විදිහට වැඩියි. නැත්තං නියම ජනමතය නියෝජනය කරන්න අමාරුයි.
එක පොදියට රොත්ත පිටින් එක පක්ෂයකට ඡන්දේ දීම අළුත් දෙයක් නෙමෙයි. සිරිමා, මහින්ද, ගෝඨාභයත් ගත්තා. අළුත් දෙයක් වුනේ නෑ. හැබැයි ඉතින් එයාලා නම් මොනවා හරි කර ගත්තා. දැන් අවංක, දක්ෂ අය නෑ. අන්තිම කෙනා රනිල්. දැන් ඉන්න කවුරුත් එකයි. වංචනිකයි, අසාර්ථකයි. රටට දෙවි පිහිටයි.
මම ලංකාවෙන් එළියේ ඉන්න කෙනෙක්. හරියටම දන්නේ නැහැ ලංකාවේ තත්වය. මට දන්න කෙනෙක් කියනවද? මේ පාර පැපරල් සංවිධානය නිහඬ ඇයි කියලා...?
මේ කමන්ට් දාපු බහුතරයකට දැනෙන වේදනාව අපට දැනෙනවා. බමුණු කුලය විනාශවිමේ අඳෝනාව. මෙතැන කෙනෙකුට ගණනුත් බැහැ. ඡන්ද නොදීපු ගාන පාලක පක්ෂයට වඩා වැඩිය කියන්න තරම් කුහක. සමහරුන්ට රනිල් අවංකයිලු... මේ වෙනස තේරුම් ගන්න බැරි තරමට කුහකයි...
සෙනෙවිරත්න ලොන්ඩරිය තවමත් වැඩ...!