
( හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ එච්.චන්දන)
රුපියල් ලක්ෂ අටක මුදලකට වාලම්පුරි දෙකක් අලෙවි කිරීම සදහා පුත්තලම පාලවිය ප්‍රදේශයට පැමිණි සැකකරුවෙකු පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිළධාරීන් අත් අඩංගුවට ගැනිමට සමත් වී තිබුණි.
මෙසේ අත් අඩංගුවට ගෙන තිබුනේ වරාකාපොල බුලත්කොහුපිටිය ප්‍රදේශයෙ පදිංචි 22 හැවිරිදි තරුණයකු බව කියයි.
අජීවී බෙල්ලෙකු බලපත්‍රයක් නොමැතිව සන්තකයේ තබා ගැනිමේ වරදට අදාල සැකකරු අත් අඩංගුවට ගෙන තිබු අතර ප්‍රශ්න කිරීමේදි මෙම සැකකරු පවසා ඇත්තේ තම මව්පියන් විසින් වසර ගනනාවකට පෙර කොළඹ ප්‍රදේශයෙදී මිලදි ගෙන නිවසේ තබා තිබු බවයි.
කෙසේ වෙතත් වාලම්පුරිය සමග අත් අඩංගුවට ගැණුන සැකකරු අද පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

2025 දෙසැම්බර් මස 18
442
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
247
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1035
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලක්ෂ අටකට වාලම්පුරි විකුණන්න බැරිවෙයි
සෙනෙවිරත්න Monday, 06 May 2024 01:51 PM
මේ හක්බෙල්ලාගෙන් වැඩක් නැති බව තේරුම් ගන්න, මේක අල්ලාගෙන පොලිසිය වැඩ පෙන්වනවා... ගන්න මෝඩයින් ගනීවි ඔවුන්ගේ අහුවිලි වලට මොකටද පොලිසිය හරස්වෙන්නේ? ගංජා කුඩු, අවි ආයුධ අල්ලන්නකෝ...!