
(ගයාන් සූරියආරච්චි)
රුපියල් ලක්ෂ 80 කට ආසන්න වටිනාකමකින් යුත් රටබීම බෝතල් 210 ක් සහ සිගරැට් 50,000 ක් ලොරි රථයකට පටවමින් සිටි සැකකරුවකු 3 වැනි හරස්වීදිය ප්‍ර දේශයේදී අද (6) අත්අඩංගුවට ගත් බව පිටකොටුව පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 54 ක් වන මාලිගාවත්ත ප්‍ර දේශයේ පදිංචි පුද්ගලයෙකි.
සැකකරු මෙම රටබීම සහ සිගරැට් තොගය නුවර ප්‍ර දේශයට යැවීම සදහා කුඩා ලොරි රථයක පටවාගෙන 3 වැනි හරස්වීදියට පැමිණ ඇති බවත් එහිදී නුවර බලා යන ලොරි රථයකට පටවමින් සිටියදී අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd