
( හිරාන් ප්‍රියංකර ජයසිංහ)
රුපියල් ලක්ෂ 60 ක මුදලකට අලෙවිකිරීම සදහා සුදානම් වු ගජමුතු දෙකක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ බුත්තල බඩල්කුඹුර ප්‍රදේශයෙ පදිංචි 29 හැවිරිදි ජංගම දුරකථන අලුත් වැඩියා කිරීමේ ස්ථානයක් පවත්වාගෙන යන සැකකරුවෙකු බව කියයි.
නාවික හමුදා බුද්ධි තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බලකායෙ උපාය දූතයින් යොදවමින් මෙම ගජමුතු දෙක පුත්තලමට රැගෙන විත් එහිදි මිළදි ගැනිමේ යෙදි ඉන් පසුව සැකකරු හා ගජමුතු දෙක අත් අඩංගුවට ගැනිමට හැකිවු බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
පොලිස් විශේෂ කාර්ය බලකා උපාය දුතයින් යොදවමින් අදාල සැකකරුට කිසිදු ලෙසකින් සැක නොසිතන අයුරින් මෙම අත් අඩංගුවට ගැනිමට සමත්ව තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්වාභාවික ලෙස මියයන ඇතුලේ ගජමුතු තිබුණා නම් විකුණන එක එක වැරදිද? ඔය වගේම ඇම්බර් වලට අදාල නීතිය? වල්ලපට්ට ගස් විකිණීමේ තහනම...ඒවට හේතු මොනවාද? ආණ්ඩුවට ඒ කියන්නේ චෞර නිලධාරීන්ට බාර දෙන්න ඕනද?