
( පුෂ්පකුමාර මල්ලව ආරච්චි)
රුපියල් ලක්ෂ පනහක් පමණ වටිනා අම්බර් කිලෝ 1 ග්‍රෑම් 200 සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව දිවුලපිටිය පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ ප්‍රදේශයේ පදිංචි කුරුවකු බව කියන පෞද්ගලික බස් රථ කොන්දොස්තරවරයෙකු බව පොලිසිය කියයි
දිවුලපිටිය පොලිසියේ දූෂණ මර්දන අංශයට ලද තොරතුරක් මත බස් රථයකින් පැමිණ අලෙවි කිරීම සඳහා පාගමනින් ගමන් කළ පුද්ගලයෙකුගේ බෑගය පරීක්ෂා කිරීමේදී මෙම අම්බර් තොගය පොලිසියට හමු වී ඇත.
ගම්පහ ප්‍රදේශයේ බස් රථයක කොන්දොස්තරවරයෙක් වශයෙන් සේවය කරන සැකකරු බස් රථයේ සේවය කරන අවස්ථාවේදී කිසියම් පුද්ගලයෙකු විසින් බස් රථයේ රාක්කයේ කිසියම් පාර්සලයක් තබන අයුරු දෙක ඇත.
බසය ගම්පහ දක්වා පැමිණීමෙන් පසුව සියලු දෙනාම බැසගිය මුත් පාර්සලය රාක්කයේ තිබෙන අයුරු දැක පරීක්ෂා කිරීමේදී අම්බර් බව හඳුනාගෙන කොන්දොස්තරවරයා එය බස් රථයේ පිටුපස ඩිකියට දමා ඇත.
කිසියම් පුද්ගලයින් දෙදෙනකු පැමිණ ඔහුගෙන් මෙම පාර්සලය ඉල්ලා ඇති අතර එය ලබා දීම ප්‍රතික්ෂේප කර ඔවුන් පලවා හැරීමට කොන්දොස්තරවරයා ක්‍රියාකර ඇත
. ඉන්පසුව මොහු අන්තර්ජාලයේ දැන්වීමක් පළකරමින් ගැනුම්කරුවකු සොයා ඇත්තේ අම්බර් තොගය විකුණා ගැනීම සඳහාය. ඒ අනුව දිවුල පිටිය ප්‍රදේශයේ ගැනුම්කරුවකුට මෙම අම්බර් විකිණීම සඳහා රැගෙන යද්දී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්බර් කියන්නේ මොනවද
නොකමෙන්ට්, අපිට හිනා මේවට. අන්තිමට අම්බර් නොවැම්බර් වෙලා, කසල ගොඩක් වෙලා විනාශ වෙනවා. ඕකට තමයි පුනරුදය කියන්නේ.