
(යොහාන් භාසුර සහ තිලකරත්න දිසානායක)
ඇසුරුම් කළ දිනය සහ භාවිත කළ යුතු කාල සීමාවක් යන කිසිදු තොරතුරක් නොමැතිව රුපියල් ලක්‍ෂ 10 කට අධික වටිනාකමකින් යුත් කොල්ලු ටොන් තුනක් හෙවත් කිලෝග්‍රෑම් 3,000 ක පමණ තොගයක් කැලණිය ප්‍රදේශයේ ගබඩාවක තිබී භාරයට ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසීය.
මෙම කොල්ලු තොගය කිලෝග්‍රෑම් 30 ක බැගින් වන ඇසුරුම් 100 ක ඇසුරුම් කර තිබූ බවත් මෙම කොල්ලු තොගය පිළිබඳව අධිකරණයට කරුණු දැක්වීමට නියමිත බවත් එම අධිකාරිය සඳහන් කළේය.
එවැනි භාණ්ඩ පිළිබඳව තොරතුරු 1977 කෙටි දුරකථන අංකය වෙත දැනුම් දෙන ලෙසත් වෙළෙඳ ප්‍රජාවෙන් මෙන්ම පාරිභෝගික ජනතාවගෙන් ද ඉල්ලා සිටින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩි දුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd