(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
කුඩා දරුවෙකු යතුරු පැදියේ රැගෙන යමින් හොරෙයින් මත්කුඩු මහා පරිමාණයෙන් බෙදා හැරීමේ නිරත වූ කාන්තාවක් අද (15) රුපියල් ලක්ෂ 10 කට අධික වටිනා මත්කුඩු තොගයක් සමග අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි.
සැකකාරිය සමග ග්‍රෑම් තුනකට අධික බරින් යුත් මත්කුඩු පැකට් දෙසීයක් ,ග්‍රෑම් පනස් නවයක් බර මත්කුඩු අඩංගු කුඩා පාර්සල් පහලොවක් , විද්‍යුත් තරාදි දෙකක්, ජංගම දුරකථන හතරක් පොලිසිය භාරයට ගෙන ඇත .
බන්ධනාගාර ගතව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් දෙදෙනෙකුගේ මත්කුඩු මෙම සැකකාරිය ප්‍රවාහනය කරන බවට අනාවරණය වූ බව පොලිසිය කියයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උගසට තබා දරු සෙනෙහස මේ අම්මා.. කුඩු විකිණීම සිදුකොට ඇත නැත නිම්මා.. නීතිය සිපිරි ගෙට යැව්වම මේ අම්මා.. මේ දරු පැටියාට සරණයි ! සම්බුදු සම්මා ...
හාල් මාෆියාව ඇල්ලුවට ඔයවගේ තෝරු මෝරු ඉන්නේ පාර්ලිමේන්තුවේ නිසා ඒ අයව අල්ලන්න ආම්පන්න නැතිව ඇති..