(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
මෙම මස 10 වෙනිදා සිට 15 වෙනිදා දක්වා ශ්‍රී ලංකාව වසා දැමීමට කටයුතු කරන බවත් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අසත්‍ය තොරතුරක් සංසරණය වෙමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසීය.
එම තොරතුරෙහි කිසිදු සත්‍යය තාවයක් නොමැති බවත් මේ දක්වා එවැනි තීරණයක් ගෙන නොමැති බවත් මාධ්‍ය ප්‍රකාශක වරයා පැවසීය.
මෙලෙස අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ජාලා තුල මුදා හරින සහ බෙදා හරින පුද්ගලයන්ට එරෙහිව නීති මගින් කටයුතු කිරීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලිස් අධිකාරීවරයා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇඳිරි නීතිය දාලා තියනවටත් වැඩිය ලොක්ඩවුන් එකක් තියෙනවද?
ලංකාවම ලොක්ඩවුන් කරන කතාව අසත්‍ය හෝ සත්‍ය වුවත් රටේ ජනතාවගේ සුබසිද්දිය ගැන සිතා සති 3ක කාලයක් ලංකාවම ලොක්ඩවුන් කර ආරක්ෂක අංශ සහ අත්‍යවශ්‍ය සේවා මගින් සති තුනකට අවශ්‍ය අහාර සහ බෙහෙත් නිවසට ගෙන ගොස් ලබාදීමේ ක්‍රියාවලියක් ඇති කිරීමෙන් සිදුවෙමින් පවතින විනාශය බොහෝදුරට අඩු කර ගත හැකිවේ. සැලසුම් කර ක්‍රියාවට නැංවීම කළහොත් මෙය අපහසු නොවේ. එසේ කිරීමට රට තුල අහාර / බෙහෙත් තිබේද කියා ප්‍රශ්නයක් ඇත. ගුවන් ගමන් සහ නාවික ගමන් තවදුරටත් සීමිත කිරීම නුදුරේදීම සිදුවනු ඇත. එවිට වියලි ආහාර ලංකාවට ගෙන්වාගැනීම අතිශය දුෂ්කර වනු ඇත. පක්ෂ බේදවලින් තොරව රටේ නායකයන් එක්ව බුද්ධිමත් තීරණ නොගත හොත් ඉදිරිදී රටේ ජනතවට අතිශය දුෂ්කර අවස්ථාවන්ට මුහුණ දීමට සිදුවනු ඇත. මේ බැරෑරුම් මොහොතේ සිදුවිය යුත්තේ සිල්ලර දේශපාලනයෙන් තොරව බුද්ධිමත්, හැකියාවන්ගෙන් සහ මානුෂිය හැගීමෙන් සිතා වැඩ කළහැකි පක්ෂ විපක්ෂ කණ්ඩායමකගෙන් සැදුම් ලත් කණ්ඩායමක් වෛද්‍යවරුන් ද ඇතුලත් කොට සැලසුමක් ඇතිකොට ක්‍රියාත්මක වීම වේ. එසේ කිරීමට රජය අපොහොසත්ව පසුව රටේ තත්වය බැරෑරුම් වූ පසු විපක්ෂයට බැනවැදීමෙන් පලක් නොවේ.
අනතුරුදායක නම් එසේ සිදුකරත් ඇති වරද කුමක්ද? වැදගත් වෙන්නේ මිනිස්සුන්ගේ ජීවිතයි.
සත්‍ය අසත්‍ය කොහොම වුනත් එවැන්නක් කරනවා නම් හොඳයි. නැතිනම් අවුරුදු කන්නයි ළඟ ගෙවල් වලට නෑගම් යන්නයි වගේ විකාර කරන්න පටන් ගනීවි ගම් ප්‍රදේශවල. අපේ මිනිස්සුන්ට සමහර ගති අත්හරින්න බැරි කමක් තියෙනව නේද?
අනේ මන්ද. 2017 අප්‍රේල් මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටුන. ඒ අවුරුද්දේ වෙසක් එකට මෝදිව ලංකාවට ගෙන්නුවා. 2018 අප්‍රේල් සිංහල මුස්ලිම් කෝලාහලයක් ඇවිල්ල fb එකත් වැහැව්වා. පස්සේ ආණ්ඩුව වෙසක් තොරණත් තහනම් කළා. 2019 අප්‍රේල් පාස්කු ඉරිදා ප්‍රහාරය වුනා. ඒ එක්කම ගිය ආණ්ඩුව වෙසක් පෝයත් වෙනස් කරලා තිබ්බ නිසා වෙසක් හරියට සමරුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විතරයි. දැන් 2020 අප්‍රේල් කොරෝනා ඇවිල්ල. අවුරුදු නැහැ. වෙසකුත් නැති වෙයි වගේ. සිංහල බෞද්ධ අපේ රටට මොකක් වුනාද කියල හිතෙනවා.
මේ තත්වය යටතේත් මිනිස්සුන්ට ඉතාමත් දුෂ්කරතාවලට මුණ දෙනවා... එවැන්නක් වුනොත් මිනිස්සු ගෙවල්වල මැරිලා යයි. හොදම දේ අවශ්‍යය... ගෙවල් වලට වෙලා ඉන්න අවශ්‍ය අය වැඩ කරගන්න ඉඩ දෙන්න. මේකේ ගෙවල් වල ඉන්න යමි බොරුවට බයේ දගලන්නේ තමන් ගෙට යන්නෙත් නෙත්නම් තමන් එලියට යන්නෙත් නෙත්නම් ඇයි මේ බයවෙලා මිනිස්සු එලියට බහින්නේ?
ැය 24 පුරාවටම ඇඳිරි නීතිය දාන එක ලොක් ඩවුන් එකට වඩා දරුණු කියල තේරෙන්නේ නැද්ද? මම ඉන්න නවසීලන්තේ මුළු රටම ලොක් ඩවුන් ඒ වුනාට මිනිස්සු එහෙ මෙහෙ යනවා අත්‍යාවශ්‍ය දේ ගන්න කියා කියලා එකට නීතියෙන් තහනමක් නැහැ.
අද ලෝකයම අනතුරැදායක තත්වයක තියෙන්නේ මේ තත්වය පාලනය කරන්න රජය ගන්නා උත්සහය අගය කල යුතුයි. නමුත් රටේ පුරවැසියන් වශයෙන් අපි එයට අවංකවම දායක වෙනවද කියලා පේන්නේ නැහැ. එහෙම වෙනව නම් ඇදිරි නීතිය කැඩීම 11000 ක් සිදුවෙන්න බැහැ. රටේ සමහර පලාත්වල කවදාවත් උදැල්ලක් අල්ලපු නැති මිනිස්සු උදලු බැදන් ඇවිදින්න යනවා නම් කාටද මේ බොරැව කරන්නේ. මේක සෙල්ලමකට ගන්න එපා අපි ඉන්නේ භායනක අනතුරක් ඉදිරියේ .