
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නේ නම් සංචාරක රක්ෂණයක් ලබා ගැනීම වෙනදාට වඩා ඉතා වැදගත් බවත් ඉන් ප්‍රමාණවත් ආවරණයක් ලැබෙන්නේ දැයි සොයා බැලිය යුතු බවත් සංචාරක උපදේශනය යාවත්කාලීන කරමින් බ්‍රිතාන්‍ය රජය එරට වැසියන්ට උපදෙස් ලබා දී ඇත.
ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ ඖෂධ, ආහාර පිසීමට ගන්නා ගෑස්, ඉන්ධන සහ ආහාර හිඟයක් ඇති වී තිබෙන බවත් ඒ හේතුවෙන් හදිසි ගිලන් රථ සේවා වලට, පොදු ප්‍රවාහන පහසුකම් වලට, හදිසි සේවාවලට, රෝහල් වලට බලපෑම් එල්ල විය හැකි බවත් යාවත්කාලීන කරන ලද සංචාරක උපදේශනයේ දැක්වේ.එසේම විදුලිය සලාක ක්‍රමයට ලබා දීම හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදු වෙන බවද එහි දැක්වේ.
ආර්ථික අර්බුදය හේතුවෙන් කෙටි දැනුම්දීමකින් පෙළපාලි, මාර්ග බාධක සහ ප්‍රචණ්ඩ නොසන්සුන්තා ඇති විය හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන ලෙසද බ්‍රිතාන්‍ය රජය එරට වැසියන්ට උපදෙස් දී ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.