
(ඩයනා උදයංගනී)
වෙළෙඳපොලේහි මිල ස්ථායි කිරීම සඳහා මියන්මාරයෙන් සහල් ආනයනය කිරීමට රජය තීරණය කර ඇත.
ඒ යටතේ රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව මගින් සහල් මෙට්‍රික් ටොන් 20,000ක්, මෙට්‍රික් ටොන් එකක් ඇමෙරිකානු ඩොලර් 460ක් බැගින් ආනයනය කිරීමට රජය තීරණය කර ඇතැයි සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීම සඳහා පසුගිය සැප්තැම්බර් මාසයේදී කැබිනට් අනුමැතිය ලැබුණු අතර, රජයකින් රජයකට පදනම යටතේ දෙරට අතර ඇති කර ගනු ලබන ගිවිසුමක් මත එරටින් සහල් ආනයනය කෙරේ.
මෙසේ ගෙන්වනු ලබන සහල් ස.තො.ස අලෙවිසැල් හරහා රුපියල් 98 බැගින් අලෙවි කිරීමට පියවර ගෙන ඇතැයිද ඇමතිවරයා කීවේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (30) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රමවත්ව කරගන්න බැරිවුන කාබනික පෝර සිහිනය නිසා අද ගොවියාත් පාරිබෝගිකයාත් අනාථ වී ඇත.
මේ ආණ්ඩුව පිටරටින් හාල් ඇටයක් හරි ගෙන්නුවොත් මම මේ ඇමතිකමේ ඉන්නේ නෑ" කියලා එක්කෙනෙක් කිව්වා වගේ මතකයි.
හැමදාම ඔය මගුල කියනවා විතරයි. මොන තූත්තු කුඩියෙන් හරි හාල් ගෙන්වනවා. අපි හාල් ගෙන්වන රට අවශ්‍ය නැහැ... ඕනේ සහල් පමණයි. සහල් රජයට දෙන්න බැරිනම් අපේ ගොවියන්ට පොහොර දෙන්නත් එපා, වතුර දෙන්නත් එපා... වී මෝල් කාරයින්ගෙන් ඉල්ලා ගන්න කියන්න...
සිරි සහල් මිල සාපේක්ෂව ලාභ කාලේ කියන කතා සහල්මිල වැඩිකාලෙට වලංගු නැහැ...
ඩඩ්ලී සිරිසේන ශ්‍රී ලංකාවේ නිල නොලත් රාජ්‍ය නායකයා 2/3 බලයක් නැතුවම ආණ්ඩුව අල්ලේ නටවනවා. වඩාත්ම පැහැදිලි කාරණය නම් මෙමගින් සහල් ගෙන්වා ඇමතිවරුන්ට කොමිස් ලබා ගැනීමට හැකිවෙනවා. ඒ හැරුණුවිට සුදුළූණු වලට කළ විදියටම සතොසෙන් තොග වෙළෙන්දාට වංචනිකව විකුණනවා මිස සාමාන්‍ය පාරිභෝගිකයාට සහනයක් දෙන්නේ නැහැ. ලංකාවේ ගොවියාට වගාකළ අස්වැන්න සිරිසේනටවත් දීගන්න බැරුව වහ බොන්න සිදුවෙනවා...
කාබනික පොහොර යෙදු මියන්මාර් බත් කාලා තර වෙන්න පුළුවන් දැන්. රැකියාවන් සඳහා ශ්‍රී ලාංකිකයින් මියන්මාරයට යාමට සිදුවෙන දවසත් වැඩි ඈතක නැහැ. අඥාන ජාතියේ ඉරණම කොතනින් කෙලවර වෙයිද කියල මට නම් හිතා ගන්න බැහැ. මෝඩ ජනතාවටම ගැලපෙන පාලකයෝ කමිටු දාන්න නම් හරිම හපන්නු. මම නම් කියන්නේ ඇමරිකාව වගේ රටක පෙට්‍රල් ගහන්නවත් නුසුදුසු මිනිස්සු තමයි අපේ රට පාලනය කරන්නේ??
බුරුමයෙන් සහල් ආනයනය කිරීමේ පිරිවැය ගෝඨාභය රාජපක්ෂ විසින් දැරිය යුතු අතර ඔහුගේ ලාභ නොලබන කාබනික පොහොර වැඩසටහන රට අනතුරේ හෙළයි!
මේ කාබනික සහල් ද ?අමන පාලකයෝ නිකන් ගොවියාත් එක්ක සෙල්ලම් නොකර පොහොර ගෙනවිත් සල්ලි වලට විකිනුවත් අපිට මේ අස්වැන්න මෙහේ ගන්න පුළුවන්.