(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවට මේ මොහොතේ දිය හැකි ඕනෑම සහයෝගයක් නොපැකිලිව ලබා දීමට ඉන්දියාව සුදානමින් සිටින බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දුරකතනයෙන් දැනුම් දී තිබේ.
ඉන්දියාව ලංකාව සමඟ නිරතුරුව සිටින බවද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම් දී තිබේ.
ශ්‍රී ලංකාවේ සිදුවූ පිපිරීම් පිළිබඳව සැලවී පැය කීපයක් ඇතුලත ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා දුරකතනයෙන් අමතා ඇති නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත ඉන්දියාවේ ශෝකය පුද කරන ලෙසද ඉල්ලා සිට තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම ස්තුතියි. ඔබතුමා කලින් හිටපු අගමැතිවරු වගේ නොවන බව අපි දන්නවා. ඒ ගොල්ලෝ නම් අපට උදව්වට උඩින්ම ඇවිත් පරිප්පු දීලා ගියා.
අගය කරනවා ඔබගේ සහයෝගය