(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ලංකාවේ සෑම රජයේ කාර්යාලයකම  ඉඩම් අංශය දූෂිත බවත්  කවුරුන් හෝ එම කාරණය  ප්‍රතික්ෂේප කරන්නේ නම් තමා එය ඔප්පු කිරීමට සූදානම් බවත් හිටපු ජනාධිපති, පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී අද (18) පැවසීය.

අරගලයේ අගමුල ගැන  සෙවීමට  ජනාධිපති කොමිෂන් සභාවක් පත්කර  පාර්ලිමේන්තුවට වාර්තාවක් ලබාගැනීම  වැදගත් බවද ඔහු සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවරයා මෙසේ පැවසුවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියැවීමේ විවාදයේදීය.