IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ලංකාව වියට්නාමය අතර රේගු ගිවිසුමක්

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර රේගු කටයුතු සම්බන්ධිත සහයෝගීතාව හා අන්‍යෝන්‍ය සහාය ලබා ගැනීම පිළිබඳ ගිවිසුම අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර රේගු කටයුතු සම්බන්ධිත සහයෝගීතාව හා අන්‍යෝන්‍ය සහාය ලබා ගැනීම පිළිබඳ ගිවිසුමකට අත්සන් තැබීම පිණිස 2021-11-23 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇති නමුත් අදාළ ගිවිසුමට මෙතෙක් අත්සන් තබා නොමැත. 

යෝජිත ගිවිසුම මඟින් දෙරට අතර වෙළෙඳ ගනුදෙනුවල පිරිවැය අඩු කිරීම, දේශසීමා මායිම් ආශ්‍රිත බදු නිරවද්‍ය ආකාරයෙන් ගණනය කිරීම හා එක්රැස් කිරීම, සීමා කිරීම් වලට යටත් භාණ්ඩ හුවමාරු වීම තහනම් කිරීම, සීමා කිරීම ස පාලනය කිරීම සම්බන්ධිත රෙගුලාසි පැනවීම යන අරමුණු ඉටු කර ගැනීමට අපේක්ෂා කෙරේ. 

දෙපාර්ශ්වය විසින් එකඟ වී ඇති ගිවිසුම සඳහා නීතිපතිගේ අවසරය ලැබී තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර එකී ගිවිසුම අත්සන් තැබීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන්  ජනාධිපතිවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

ලංකාව වියට්නාමය අතර රේගු ගිවිසුමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 563 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 279 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1081 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site