(අංජුල මහික වීරරත්න)
ආණ්ඩු බලය දෙන්න ජනාධිපතිවරයෙක් වෙනත් අයෙකුට ආරාධනා කළේ ලෝකයේ පළමු වතාවට බවත් විපක්ෂ නායකයාවරයා එය ප්‍රතික්ෂේප කිරීම ගිනස් වාර්තාවක් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ශක්තිමත් මූල්‍ය හා මානව ප්‍රාග්ධනයක් නොමැතිව රටක් සීඝ්‍ර ආර්ථික වර්ධනයක් කරා ගෙන යා නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැඟිය යුත්තේ අපනයන මත පදනම් වූ තරගකාරී ආර්ථිකයක් මෙන්ම පෞද්ගලික අංශයට විවෘත වූ ආර්ථිකයක් තුළ බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කර සිටියේ, කොළඹ කිංග්ස්බරි හෝටලයේදී පැවැති ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සංවිධානයේ 36 වන වාර්ෂික හමුවට එක්වෙමිනි.
" හිටපු ජනාධිපතිවරයා රට භාරගන්නා ලෙස මට ආරාධනා කළා. මම තනතුරු ඉල්ලුවේ නැහැ. නමුත් එදා රට තිබුනේ අර්බුදයකයි. රට නැවත ගොඩගන්න පුළුවන් කියන විශ්වාසය මට තිබුණා. රට තුළ දේශපාලන හා ආර්ථික ස්ථාවරත්වයක් ඇති කිරීමෙන් පසු රට පැවති තැනට නැවත ගෙන ඒමට අවශ්‍ය පියවර ගැනීමට මම කටයුතු කළා. ඒ අනුව මාසයක් ඇතුළත රටේ ආර්ථික අර්බුදයට කෙටි කාලීන විසඳුම් ලබාදීමට හැකි වුණා. පෝලිම් යුගය අවසන් කෙරුණා යනුවෙන් ද ජනාධිපතිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ඡන්දෙන් පැරදිලා එක ජාතික ලැයිස්තු මන්ත්‍රිකමකින් ඇගමැති වීම, ජනාධිපතිවීම ගිනස් වාර්තා නෙවෙයිද? කලින් කෙනා කෘෂි විද්වතුන් පැත්තකටදාල දොස්තරලගෙන් උපදෙස් අරං එක රැයෙන් පොහොර තහනම් කිරීම ගිනස් වාර්තා නෙවෙයිද?
අනේ ... හී..... මේක කියන්ඩ පොඩි ලමයෙකුට
ජනාධිපති තනතුර එක එකාට ඕන විදියට බාර දෙන්නවත්,බාරගන්නවත් සදාචාරාත්මක නැහැ.හොර පාරෙන් ඇවිල්ලා ලැජ්ජ නැතුව ජනාධිපතිකම් බාර අරගෙන දැන් මාන්නයෙන් ඔළුව උදුම්මවා ගෙන කටමැත දොඩවනවා.තමුන්ට ජනමතයක් නැහැ.ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන්න ඉගෙන ගන්න.ජනමතයට ගරු කර වහාම මැතිවරණ පවත්වන්න.
ගිනස් වාර්ත තියන්නම කප් ගහපු විපක්ශ නායක රෑකඩෙ ඉන්නකම් රටෙ දියුනුව සාර්තකයි ජනාදිපති තුමනි, ඔබට ජය නියතයි.
සජිත්ට අගමැතිකම දෙන්න ප්‍රධාන කොන්දේසිය තමයි පොහොට්ටුව සමග රාජපක්සලා රකින එක . රකින්න පක්ශයක් තිබ්බ සජිත් ඒකට කැමති උනේ නෑ. ඒත් පස්ස බිම ඇනිලා හක්ක පූට්ටු වෙලා බොක්ක දොට්ට පැනලා මුක පූට්ටු වෙලා ඇදිවතත් අහිමි වෙලා හිටපු රනිල් පැනපු ගමන් ගිහින් බදා ගත්තා. අනික සජිත් භාර ගත්තත් සජිත් රනිල් , මහින්ද, චන්ද්‍රිකා අයිති පන්තියෙ නෙවෙයි නිසා උන් ටික සජිත්ට කවදාවත් ඕක කරන්න දෙන්නෙ නෑ. වෙලාවක් ආපු ගමන් ශොට් එක දෙනවා.
විපක්ෂ නායක ප්‍රතික්ෂේප කලේ පොහොට්ටු හොරු සෙට් එකත් එක්ක කරන්න බැරි නිසා ඔහෙට ලජ්ජා නැති උනාට
දශක ගානක් පාර්ලිමේන්තුවේ ඉඳලා දිනන්න බැරි උන පරාජිතයෙක් ඔය පින් තනතුර බාරගත්ත එකත් ලෝක වාර්තාවක් .ඇත්තටම මිනිසුන්ට මේ තරම් පහත් තත්වෙට වැටෙන්න පුළුවන් ද කියලා හිතෙනවා
මරු ජනාධිපති , එක ඩොලරයක් ගේන්න ට්‍රයි කරන්නෙ නෑ... tax .. tax.. tax... ඔච්චරයි දන්නෙ... කථාවනම් දෝලාවෙන්
ඔබ තුමනි ගෝටත් ඒක කලින් කතා කරගෙන රටම මුලා කරලා මුල් පුටුවට ඇවිල්ලා තව වහසි බස් දොඩවලා ඉල්ලගෙන නාගන්න එපා
මේවට කියන්න තියෙන්නේ පිස්සු නැත්නම් ශෝක් කියල.
ඔබතුමාගෙ කතාව නම් දෝලාවෙන් ගමන නම් ආපස්සට. ඔබතුමාත් ගෝඨාභය වගේම තමයි. ෆේල් තමයි...
රටෙ මිනිස්සු එකුතුවෙලා එපා කියලා ගෙදර යැව්ව එකා හොර පාරෙන් පර්ලිමෙන්තුවට රින්ගලා කුමන්ත්‍රනය කරලා ජාදිපතිකම ගත්ට එක වගෙ එවා ලිව්වොත් ගිනස් වර්තා පොතෙ නමත් කැතවෙනවා.
ඇයි චන්ද තිහක් පිට පිට පැරදිච්ච වාර් ථාව ලෝ මොනම දේශපාලන පක්ශෙක නායකෙවත් තියල නැතුව අති.
සජිත් ජලනි බලවෙගෙට ජනපති ගෙ ස්ත්ය කතාවට ඩොන් ගියබව කමෙන්ට් වලින් පෙනෙ..පව් අනෙ...
ඔබතුමා තියලා තියෙන වාර්තා ගිනස්වලටත්, එහායින් ගිය ඒවා. එම වාර්තාවෙන් ලෝකයේ කාටවත් සම කරන්නත් බැහැ. කොපි කරන්නත් බැහැ. එහෙම කෙනෙක් ආයේ ඉපදෙන්නෙත් නැහැ. ඔබ පමණයි.
69 ලක්ෂයක් ඡන්දෙ ගත්තු තුනෙන් දෙකක බලයක් තිබුණු ගෝඨාභය... දූෂිත පවුල් පාලන ආණ්ඩුව පන්නපු එක, අරගලයට පින්සිද්ද වෙන්ඩ කිසිම ජනවරමක් නැතිව, පින් ජනපතිකම ලැබීමත් ගිනස් වාර්තාවක්...
කටමැත නොදොඩා චන්දයකට යමුද ? එතකොට තමුන්ගේ තරම තේරේවි .
ඔයා කොහොමද විපක්ශ නායකට බලය දෙන්න කතාකරන්නෙ ? විපක්ශ නායක පසුගිය චන්දෙන් පැරදුනෙ ? එක තීරනය කරන්නෙ රටෙ ජනතව , මේයා කියන විදිහට 3% අරන් පැරදිල ගෙදර ගිය මොහු අංක-1 , චන්ද ලක්ශ පනස් ගානක අරන් පැරදුන විපක්ශ නායක අංක 2 , 69 ලකශයක් අරන් දිනපු ඝෝට අංක 3 . අපට චන්දයක් දෙන්න අපි තිරනය කරන්නම්.
අම්බලමේ පිනා මතක් වෙනවා.
30 වතාවක් ඡන්ද පැරදුණු කෙනාට පිං ජනපතිකම ලැබුණාම ඔහොම මඤ්ඤං ටෝක් දානවා තමයි. මතක තියාගන්න ඔයා අමර්ණිය නැහැ. අද රෑට ඔයාගේ හුස්ම ටික යයිද දන්නේ නැහැ...
අරගලයට පින්සිද්ද වෙන්න ලැබිච්චි පින් ජනාධිපතිකම තියාගෙන කට වහගෙන හිටියොත් නේද හොඳ...? තව පණ්ඩිත කතා කියවන් නැතුව ඉන්න...
තමන් ඉල්ලුවොත් ඡන්දේ පරදින බව දැනගෙන ඔය කියන විපක්ෂ නායකව දාල පහුගිය ජනාධිපතිවරණේ දිනන්න හදපු සීයා නේද දැන් මෙහෙම කියවන්නේ...?
රනිල් ඡන්දය කොපමණ වාරයක් පැරැදුණාද? ඒකත් ලෝක වාර්තාවක්...
දැන් මහජන ඡන්ද 69 ලක්‍ෂයක් දීලා පත්කරපු මිනිහා පැනලා ගියේ රනිල් කියලද? රටයි, ආර්ථිකයයි විනාශ කරපු අය දැන් රනිල්ට පින්සිද්ද වෙන්න පණගහලා ඇවිත් ඒ මිනිහාටම බනිනවා. ගරහනවා. ඔහේලා වගේ මිනිස්සුන්ට ලුණු කැඳක්වත් නැතිවෙන්න තිබ්බේ. අපරාදේ රනිල් වැඩේ කෑවනේ. දේශපාලනය කියන්නේ මොකක්ද කියලාවත් නොදන්න ජ.වි.පෙ වහල්ලු 88/89 ගැන දන්නේ මොනවාද කියලා අහලා වැඩක් තියෙනවාද? රාජපක්‍ෂ හොරු ගෙනත් රට කෑවා.. ඔවුන් දැන් එනවා මෙතන රනිල්ගේ රෙද්ද පල්ලේ දේවල් හොයන්න...