
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ජාතික ජල සම්පාදන හා ජලා පවහන මණ්ඩලය ඉතා පිරිසිදු තත්වයේ ජලය ලීටරයක් සත දොළහකට ලබා දෙද්දී රටේ ලක්ෂ පහකට ආසන්න පිරිසක් ලීටරය 150 ට බෝතල් වතුර පානය කිරීම හේතුවෙන් එම ජනතාවගේ ජීවන වියදම ඉහළ ගොස් ඇතැයි ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ඉංජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතගේ ප්‍රධානත්වයෙන් යුතු පරිසරය ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේ දී තොරතුරු අනාවරණය විය.
ජාතික ජල සම්පාදන මණ්ඩලය ජනතාවට නිකුත් කරන ජලය ඉතා පිරිසුදු සහ සෞඛ්‍යාරක්ෂිත බවට සහතිකයක් දෙන්නේ යැයි එම මණ්ඩලයේ සභාපතිවරයා කමිටුව හමුවේ පැවසුවේය.
මේ අනුව ජල සම්පාදන මණ්ඩලය නිකුත් කරන ජලය පාවිච්චි කිරීමට පෙළඹීමෙන් බෝතල් ජලය සඳහා වැය වන විශාල මුදල ජනතාවට ඉතිරි කරගත හැකි බව කමිටුව පෙන්වා දුන්නේය.
පරිසරය ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා රැස්විය. මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.
ඉහළ ජල බිලක් ගෙවන පාරිභෝගිකයන්ගේ නිවෙස් වල ඇති ජල ටැංකිවල පිරිසුදු භාවය සහ සෞඛ්‍ය ආරක්ෂිත භාවය මාස තුනෙන් තුනට නොමිලේ පරීක්ෂා කර වාර්තා නිකුත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසට කාරක සභාවේ සභාපතිවරයා ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
එසේම රට පුරා හෝටල් හා ආපනශාලාවල ජලයේ තත්වය මුදල් අය කර පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසටද කමිටුව උපදෙස් දී ඇත.
COMMENTS
පිරිසිදුකම වැඩිම දවස් වලට ක්ලොරීන් ගද එන්නේ
රන්න , තංගල්ල සහ ලංකාවේ බොහෝ ප්‍රදේශවල ලැබෙන නල ජල වතුරේ විශාල වශයෙන් රොන්මඩ සහ අපද්‍රව්‍ය කිවුල විශාල වශයෙන් ඇත , මේවා බොන්න බැරි නිසා මිනිස්සු මේවා බොන්නේ නැහැ
ගම්පහ සහ කඩවත පලාත්වල බෙදන වතුර. හිටිය ගමන් මඩ ගොඩවල්. කලාතුරකින් දුගඳ හමන වතුර එනව. ඇත්තටම බෝතල් වතුර නොගෙන බීමට පමණක් ජල පෙරනයක් මගින් පෙරා පාවිච්චියට ගත හැකි.
ආදර්ශමත් බොහොම වැදගත්
ඉහළ ජල බිලක් ගෙවන" පාරිභෝගිකයන්ගේ නිවෙස් වල ඇති ජල ටැංකිවල පිරිසුදු භාවය සහ සෞඛ්‍ය ආරක්ෂිත භාවය මාස තුනෙන් තුනට නොමිලේ පරීක්ෂා කර වාර්තා නිකුත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසට කාරක සභාවේ සභාපතිවරයා ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ලංකාවේ බොහෝ නිවාස වල ජල ටැංකියක් ඇත. තමා බිමට ගන්න ජල ටැංකිය පිරිසිදුව තබාගැනීම පාරිබෝගිකය සතු වගකීමකි. පාරිභෝගිකයන්ගේ නිවෙස් වල ඇති ජල ටැංකිවල පිරිසුදු භාවය සහ සෞඛ්‍ය ආරක්ෂිත භාවය මාස තුනෙන් තුනට නොමිලේ පරීක්ෂා කිරීම ප්‍රයෝගිකව කළහැකිද ? ඒ සදහා නිලධාරීන් කොපමණ පිරිසක් අවශ්‍යද ? අවශ්‍ය මුදල්, ඔවුන්ගේ වැටුප් ප්‍රවාහන පසුකම් ලබාදෙන්නේ කවුරුන්ද ? දේශපාලකයන්ගේ උපදෙස් හෝ අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිවරයා ගේ උපදෙස් නිසා රජයේ නිලධාරීන් ක්‍රියාත්මක වේ රජයේ මුදල් අනවශ්‍ය ලෙස යොදවා ගැනීමට මේ නිසා සිදුවේ.
ඉහළ ජල බිලක් ගෙවන පාරිභෝගිකයන්ගේ නිවෙස් වල ඇති ජල ටැංකිවල ... නොමිලේ පරීක්ෂා කර .... කාරක සභාවේ සභාපතිවරයා .... උපදෙස් දුන්නේය." අනේ හොඳයි. අපි බොන්නේ නළ ජලය. ලොකු බිල් යනවා. අපිත් සතුටුයි එහෙම චෙක් කරනවා නම්.
ජනතාව වැඩි මිල දීලා බෝතල් වතුර බොන්නෙ ඇයි කියලා සමීක්ෂණයක් කලොත් සත්‍යම තත්වය තේරුම් ගන්න පුළුවන් වේවි. මම උදාහරණයක් කියන්නම් .අපි දන්න හදුනන රජයේ රියදුරු මහතෙක් හිටියා .ඔහු පුතාගෙ නිවස ඉදිකිරීම් බලන්න ගොස් හැකි ආකාරයට උදව් කර දිවා ආහාරයෙන් පසුව එතැනම තිබුන මණ්ඩලයේ කරාමයෙන් වතුර බීල තියෙන්නෙ. පැයක් යාමට පෙර ඇතිවූ බඩේ අමාරුවක් නිසා දෙදිනක් යාමට පෙර මියගියේ වතුරේ පිරිසිදු කම නිසා වෙන්න ඇති
ඔව් .අපිට පුදුම අමාරුවක් තියෙනවා වැඩි ගාණක් ගෙවලා වතුර බොන්න. වරෙල්ලකො උඹලට අපේ පැත්තෙ ටැප් වලින් එන වතුර ටිකක් පොවන්න..
ජල මාර්ගයේ නලයක් කැඩී තිබෙන අවස්ථාවක ඒ ගැන ජල මණ්ඩලයට හෝ නගර සභාවට දැනුම් දුන්නම දින 2/3 අලුත්වැඩියා කිරීමට ගන්න මේ අය ඒවිද පරිභෝගිකයාගේ ජල ටැංකිවල පිරිසිදුකම සහ තත්වය බලන්න