
(අංජුල මහික වීරරත්න)
කෘෂි ක්ෂේත්‍රයේ වේගවත් පරිවර්තනයක් සමඟ නැවත ප්‍රධාන කෘෂි බෝග අපනයනකරුවකු ලෙස ශ්‍රී ලංකාව නඟා සිටුවීමට රජය කැපවී කටයුතු කරමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ පසුගිය ආර්ථික අර්බුදයට මුහුණ දීමේදී කෘෂිකර්මාන්තය දැවැන්ත කාර්යභාරයක් ඉටුකළ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රට කඩිනමින් යළි නඟා සිටුවිය හැකි ප්‍රධාන ක්ෂේත්‍ර දෙකක් ලෙස කෘෂිකර්මාන්තය සහ සංචාරක කර්මාන්තය හඳුනාගෙන තිබෙන බවද සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මේ දිනවල කොළඹදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආසියා සහ පැසිෆික් කලාපීය සමුළුවේ 37 වැනි සැසිවාරයේ සමාරම්භක සැසිය අමතමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමුන්නැහේ මෙච්චර කලක් කෘෂිකර්මයට කරපු හැටි අපි දැකලා නැතිවයැ...!
අපනයන වැඩක්නේ? එහෙනම් ආණ්ඩුව පෙරළන්න කළින් ලෝකය වටේ තව රවුම් කිහිපයක් යන්න පුළුවන් නේද?
ඔක්කොම අනාගතේ කරන දේවල් ගැන තමයි කියන්නේ. දැනට කරපු ඵලකට ඇති එක දෙයක්වත් නෑ...
කෘෂි බෝග අපනයනය කරන්න කලින් දේශීය පරිභෝජනයට අවශ්‍ය ටිකවත් නිපදවා ගමු මුලින්ම. අල, ළුෑණු, හාල් වගේ අපේ රටේ පහසුවෙන් වගා කරන්න පුළුවන් දේවලුත් තවම ආනයනය කරනවා නම් ඒ රටේ ආර්ථිකය සහ පාලකයින්ගේ තත්වය මොනවට පැහැදිලියි. මහින්දානන්ද අලුත්ගමගේ වහසිබස් දෙඩෙව්වා තමන් කෘෂිකර්ම ඇමැති වෙලා ඉන්නතුරු හාල් ආනයනය කරන්නේ නෑ කියලා, නමුත් අන්තිමට වුනේ මොකක්ද? කිසිම ලැජ්ජාවක්, හිරිකිතයක් නැතුව තවමත් ඉන්නවා. ඉතිං අපි විසිල් විතරක් ගහලා නිකං ඉන්නේ නැතුව බල්ටිත් ගහමු.
සභාවේ සිනා!
හරි, අපි මත්තලින් පටන් ගමු..