(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ මිනිස් ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු අත් අඩංගුවට ගැනීමට ඉන්දියාවේ ජාතික විමර්ශන ඒජන්සිය සමත් වී ඇත.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ ඉන්දියාවේ රාමනාතපුරම් හි පදිංචි 39 හැවිරිදි මොහොමඩ් ඉම්රාන් ඛාන් නැමැති සැකකරුවෙකු බව ජාතික විමර්ශන ඒජන්සිය පවසා තිබේ,මොහු 2021 වසරේදී ශ්‍රී ලාංකිකයන් 61 දෙනෙකු ඉන්දියාවට ගෙන්වා ගනිමින් නීති විරෝධීව වෙනත් රටවලට යැවීමට උත්සාහ කර ඇතැයි ඉන්දියානු බලධාරීන් ප්‍රකාශ කර ඇත.
මොහොමඩ් ඉම්රාන් ඛාන් මිනිස් ජාවාරමට පමණක් නොව තවත් වැරදි කීපයකට අවශ්‍යව සිටි සැකකරුවෙකු බවත් 2021 වසරේදී එසාන් නම් ශ්‍රී ලාංකිකයෙකු සමඟ එකතු වී කැනඩාවේ නීත්‍යානුකූල රැකියා අවස්ථා ලබා දෙන බවට රවටා එම ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගනිමින් තමිල්නාඩුවේ විවිධ ස්ථානවල රඳවා ඇති බවත් ඉන්දියානු බලධාරීන් පවසා ඇත. එපමණක් නොව එසාන් හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු බවද එම නිලධාරීන් පෙන්වා දී තිබේ.
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලංකාවේ මිනිස් ජාවාරමට සම්බන්ධ අයෙක් ඉන්දියාවෙිදී අල්ලයි