IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ලංකාවෙි බඩ ඉරිඟු වගාවට ජාත්‍යන්තර සහය ලැබෙයි

(අංජුල මහික වීරරත්න)

මහ කන්නයේ බඩඉරිඟු වගාව සඳහා බඩඉරිඟු බීජ මෙට්‍රික් ටොන්  200ක් ලබා දීමට ජපාන අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය (JICA) සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන(UNDP) එක්ව  එකඟතාවය පළ කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ඩොලර් මිලියන 1.8ක් වටිනා හයිබ්‍රිඩ් බඩඉරිඟු බීජ මෙි යටතේ ලබා දීමට නියමිතය.

මහ කන්නයේදී හෙක්ටයාර 15,000ක බඩඉරිඟු වගා කිරීම සඳහා මෙම  බඩඉරිඟු යොදා ගැනීමට නියමිතය.

මෙි සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමේ සාකච්ඡාවක්  කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේදී කෘෂිකර්ම,වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු අතර  එම අවස්ථාවට JICA ආයතනයේ ශ්‍රී ලංකාවේ නියෝජිත Yamada Tetsuya සහ UNDPහි ශ්‍රී ලංකා කාර්යාලයේ ප්‍රධානී Malin Herwig සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන ආචාර්ය ගාමිණී සමරසිංහ සහ පී. මාලතී, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජන්ත ද සිල්වා මහත්ම මහත්මීහු සහභාගී වූහ.

a



අදහස් (3)

ලංකාවෙි බඩ ඉරිඟු වගාවට ජාත්‍යන්තර සහය ලැබෙයි

කිරිපුතා Tuesday, 13 September 2022 02:35 PM

අපේ රටට ආවේණික කිසිම වසක් විසක් පොහොරක් නැතිව සරු ඵලදාව දුන්නු අපේම බීජ නැති කරගෙන එකඑක රටවලින් බීජ අරගෙන පැළ කරපුදා ඉඳන් වස විෂ සහ පොහොර දානවා. අන්තිමට අපේ පරිසරයත් ඉවරයි. ගොවියට ලාබත් නෑ. පොතෙන් කෘෂිකර්මය පාඩම් කරපු උගතුන් ⁣කරපු දේ තමයි මේ....

:       0       0

ganegoda Tuesday, 13 September 2022 02:42 PM

අපෙ රටෙ හුගක් කෘමියො පනුවො වගෙ ජීවීන් වැඩි නිසා ඔව හරියන්නෙ නැහැ ..

:       0       0

ravin Tuesday, 13 September 2022 07:06 PM

මෙන්න මේවගේ ආධාරවලට තමයි නියම වටිනාකම ලැබෙන්නේ. ස්ව උත්සාහයෙන් වගාකර අස්වැන්න ප්‍රයෝජනයට ගන්න එක. හොරාකෑමත් අඩුයි. පිල්ලි ගැහුවත් කොහේහරි හිටවන්න එපෑයෑ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site