IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ලංකාව ප්‍රතිත්‍රස්ත පනත ප්‍රතික්ෂේප කළ යුතුයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාව ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ප්‍රතික්ෂේප කළ යුතු බවත් යෝජිත නව පනත් කෙටුම්පතෙන් රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට එහි දුර්වලතා මග හරවා ගනිමින් නව පනතක් හඳුන්වා දෙන බවට ලබා දුන් පොරොන්දුව කඩ වන බවත් හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසා ඇත.

ශ්‍රී ලංකා රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ගෙන ඒමට යෝජිත ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පතෙන් ශ්‍රී ලාංකිකයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට බලධාරීන්ට බලය ලැබෙන බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය ප්‍රකාශ කර තිබේ.

යෝජිත ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත රජය ඉවත් කර ගත යුතු බවත් ඉදිරියේදී සම්මත කිරීමට අදහස් කරන ඕනෑම ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතක් ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල වන බව උපදේශන ලබා ගනිමින් සහතික කරගත යුතු බවත් හියුමන් රයිට්ස් වොච් සංවිධානය සඳහන් කර ඇත.

රජය පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිත කළා යැයි පවසමින් එල්ල වූ දේශීය සහ ජාත්‍යන්තර විවේචන හේතුවෙන් එම විවේචන ආමන්ත්‍රණය කරමින් ඊට වඩා හොඳ පනත් කෙටුම්පතක් ගෙන ඒමට රජය පොරොන්දු වූ බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පෙන්වා දී තිබේ.

පවතින පනතෙන් මතුවූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දීම පසෙකලා නව පනත් කෙටුම්පතෙන් ත්‍රස්තවාදය පිළිබඳ නිර්වචනය තවත් පුළුල් කර ඇති බවත් දේපළ හානි, සොරකම හෝ මංකොල්ල කෑම වැනි අපරාධ නව පනත් කෙටුම්පතට ඇතුලත් කර ඇති බවත් සාමකාමීව රැස්වීමේ හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසද නව පනත් කෙටුම්පත මගින් සීමා කර ඇති බවත් හියුමන් රයිට්ස් වොච් සංවිධානය ප්‍රකාශ කර ඇත.

නව පනත් කෙටුම්පතේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ නොමැති ධනාත්මක කරුණු කීපයක් තිබෙන නමුත් නව පනත් කෙටුම්පත මගින් ජනාධිපතිවරයාට, පොලිසියට සහ හමුදාවට සාක්ෂි නොමැතිව පුද්ගලයන් රඳවා තබා ගැනීමට බලය ලබා දෙන විධිවිධාන ඇතුලත් වන බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පෙන්වා දී තිබේ.



අදහස් (4)

ලංකාව ප්‍රතිත්‍රස්ත පනත ප්‍රතික්ෂේප කළ යුතුයි

Sunil Friday, 07 April 2023 05:44 PM

පාදඩයින්ගේ ඒකාධිපති බලතල තවත් තහවුරු කෙරෙන මේ යෝජිත පනතින් කෙරෙන්නේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් සහමුලින්ම කප්පාදු කිරීමකි.

:       8       49

Bandara Saturday, 08 April 2023 12:17 AM

මේක විජේදාස, ඩීල්දාස රාජපක්ෂගේ වැඩක්...

:       0       9

sujeewar Saturday, 08 April 2023 10:30 AM

වසර තිහක ත්‍රස්තවාදී විනාශ ඇහින දුටුවන් හා සීමිත පිරිසකගේ ඊනියා අදහස් ප්‍රකාශකිරීමේ නිදහස නිසා පාරවල් වල යන එන මං නැතිව අසරණ වූ බහුතර ජනතාව මෙම පනතට විරුද්ධ නොවනු ඇත. LTTE සහ ISIS වැනි අන්තවාදී අන්තගාමී ත්‍රස්ත ග්‍රහණයට නතු වූ අප වැනි රටකට අවශ්‍ය වන්නේ ශක්තිමත් පනත් විනා NGO නඩ වලට මුදල් හම්බ කරගත හැකි ආකාරයේ දුර්වල පනත් නොවේ. අපට මානව හිමිකමි උගන්වන බොහෝ රටවල් අප රටවල් අස්ථාවර කිරීමට අතීතයේදී මෙන්ම වර්ථමානයේදීද ප්‍රබල ලෙස කටයුතු කරමින් සිටී. ඔවුන් දියුණු රටවල් වූයේ අප වැනි රටවල හිමිකම් තලා පෙලා විනාශකර සූරාකෑමෙනි.

:       4       2

Bamunuarachchi Tuesday, 11 April 2023 05:58 PM

අපේ රටේ මිනිසුන්ට විශේෂයෙන් ජෙප්පන්ට , කුරුටුගාමින්ට හියුමන් රයිට්ස් ඕනවටත් වඩා වැඩී. ඒ කාලේ ශ්‍රීමත් ප්‍රේම දාස් ගානට හියුමන් රයිට්ස් පවිච්චිකලා. එහෙම හියුමන් රයිට්ස් පාවිච්චිකරන්නයි අපි ඝෝඨාභය මහතා යැව්වේ කොහෙද උන්දා වැඩේ කෑවා .ඒ නිසා ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පතකින්වත් ජෙප්පෝ කුරුට්ටෝ අරගල කාරයෝ උද්ගොෂකයෝ මෙල්ල කල යුතුයි. ප්‍රතිත්‍රස්ත පනතට ජය වේවා. හියුමන් රයිට්ස්කාරයෝ බංග වේවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 470 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site