(ඩයනා උදයංගනී)
මැදි ආදායම් ලබන රටක් ලෙස නම් කර ඇති ශ්‍රී ලංකාව අඩු ආදායම් ලබන රටක් බවට වර්ගීකරණය කිරීමේ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී ඇති දැඩි අසීරු තත්වය හමුවේ ජාත්‍යන්තර ආයතන මගින් ණය ආධාර ලබාගැනීම පහසු කරගැනීමේ අපේක්‍ෂාවෙන් මෙසේ මැදි ආදායම් ලබන රටක සිට අඩු ආදායම් ලබන රටක් දක්වා පහත දැමීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (11) පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කාලකන්නි දේශපාලකයන් රටට කරපු මේ විනාශයට නම් හෙන වදිනවා. කොච්චර ලස්සනට තිබුණ රටද ජාතිවාදය අවුස්සලා නැත්තටම නැති කළේ.
ජාත්‍යන්තරයේ පිලි ගත්තු කියල කියපු සහ ජාත්‍යන්තරයේ සහයෝගය පහසුවෙන් ගන්න පුළුවන් කියපු රනිල් ජනාධිපති වෙලා ඉන්න ආණ්ඩුව නේද මෙම තීන්දුව අරන් තියන්නේ. ආයිත් ජනතාවගෙන් කන්න දවස වැඩි ඈත නැහැ.
තව ටික දවසකින් අන්ත දුප්පත් ගණයට වැටෙනවා. තවමත් අපේ අය කඩේ යනවා.
මෙහෙම ගිහින් මොකද වෙන්නේ ..........
මේක තමයි අද ලෝකයේ හැටි.
හොරාකාපු සල්ලි ලැබුනානම් මෙහෙම වෙන්නේ නැහැ.
මේ හදන්නේ ලෝකය මුලා කරන්නටයි.
සමහර අය දේශපාලකයන්ට බණිනවා. ඔවුන්ට අවශ්‍ය වන්නේ දේශපාලකයන්ට එරෙහි මතය හිතාමතාම වෙනස් කිරීමට බව මම විශ්වාස කරමි. නමුත් සාමාන්‍ය ඡන්ද දායකයන් නොමැතිව දේශපාලකයන්ට තම ඇඟිල්ල උස්සන්නවත් බැහැ.
කැළණි හිඟන්නෝ කියලා අපිම ලෝකෙට ඔප්පුකරල පෙන්වන එක හොඳයි. හැබැයි හිඟන්නෝ හිතාගෙන ඉන්නේ ලෝකය තියෙන්නේ ලංකාව ඇතුලේ කියලයි. මන්ද පෝෂණ දරුවන්ව පිටරටවල් වලට පටවලා පාරවල් වල හිඟා කන්න දැම්මා නම් අනාගතයේ හොඳ ගානක් හොයා ගන්න තිබුනා මේ රටේ පාලකයින්ට.
ස්තුතියි
දුප්පත් රටක් ලෙස කැබිනට් එක පිළිගත්තානම් මේ රටේ ධන කුවේරයින්ගේ ලඟ තිබෙන සියළුම වස්තුව හා දේපල මේ රටේ දුප්පත් ජනතාවට වහාම බෙදාපියව් .ඒකටත් කැබිනට් අනුමැතිය ගත්තනම් හොඳයි.
රට තවත් සොමාලියාවක් කරා ගෙනගිය උඹලාට හෙනම ගහපියව්
ජනතාවට සවුබාග්‍යයේ දැක්ම පෙන්නලා බලයට ඇවිත් ජනතාව මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු දූෂිත දේසපාලුවෝ ,රටම කාබාසීනියා කරලා ,නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කෙරුවා . දේසපාලුවන්ට නම් මොකෝ. මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ වලින් ගසාකාලා පරම්පරා ගාණකට ඇතිවෙන්ඩ යහමින් හරිහම්බ කරගත්තුවා ඇතිනේ.
එකම විසඳුම මහින්ද නැවත ජනපති කරවීම.
දුප්පත් කරන්න කැබිනට් මොකටද.?
මගේ රට කාපු මහ කාල කන්නිය ඇතුළු සියලු හොරුන්ට මගේ ප්‍රණාමය.
ඇමුතුවෙන් මොනව කරන්නද. සියල්ල කලර හමරයි . උන්ට අධිපෝනය. ජනතවට මන්ධපෝශණය
ඔන්න ආධාර නැව් පිටින් එනෝ.
මුන්ගෙ හිත් දන්නව නේ මුන් මේ රට කෑවා කියලා. අයිත් මොකටද විශේෂ අනුමැති
දැන් අපිට ගේමට ඉන්නෙ බුරුන්ඩි, සෝමාලියාව, සූඩානය, කොංගෝ වගෙ රටවල්... රනිල් රාජපක්ෂ අත අරින්න එපා.. කොහොමහරි එකටම ගේමු.
සල්ලි ලැබෙනවනන් අම්මා තාත්තා උනත් විකුණන් කයි කාලකන්නි.
රටට හෙණ හත වැදුනත් මුන්ට කමක් නෑ. මළමිනී උඩින් හරි මුන් සැප කාර්වල යනවා සහ උන්ගේ මඩිය තර කර ගන්නවා.
අපට සෝමාලියාවට වඩා චුට්ටක් උඩෙන් ඉන්න පුළුවන්නම් සැපම තමයි.
ලංකාව දුප්පත් කරන්න කැබිනට් අනුමැතිය දීලා ක්‍රියාත්මක කරලා ගොඩක් කල්. දැන් කරේ දුප්පත් කියලා කියලා ඊට පස්සෙ ලෝකෙට අතපාන්න බෙල්ලෙ බෝඩ් එකක් එල්ල ගත්ත එක විතරයි .
ලෝකෙට ණය වෙලා පෝසත් වගේ පෙන්නුවට, අපි ඇත්තටම දුප්පත් තමා.
ලංකාවේ දුප්පත්කම අහස උසට බව සංකේතවත් වෙන්නේ අර කුලුනෙන්
මේ වැඩේට මේගොල්ලන්ට හොඳ පළපුරුද්දක් තියනවා
එහෙම කරපු අය දැන් ඇඩ්මිට් වෙලා!
එදා කලෙත් රටේ නැති බැරි නැති බැරි කම කියලා රටවලින් ආධාර ,ණය අරගත්තු එක .අද කරන්නෙත් ඒක.මේගොල්ලන් ක්‍රමයක් දන්නේ නෑ.ඒකෙන් තමා ඒගොල්ලෝ වෙන්නේ.ඉතින් අපි සැමදා දුප්පත්.දියුණු වීගෙන එද්දී පාස්කු ප්‍රහාර ,යුද්ධ වගේ ඒවා එනවා.තාමත් අපේ රටේ ජනතාව බුද්දිමත් නෑ මේවා තේරුම් ගන්න
ආර්ථික ඔස්තාර්ම මේ ගැන ප්‍රකාශ කළ එක හොදයි. අපගේ දේශපාලන නායකයන්ගේ දක්ෂතාවයේ තරම හොඳින් පැහැදිලි වී ඇත.
මොනවා උනත් මේ මුඩුමයෝ ඇත්ත කිවුවා.ආසියාවේ ආශ්චර්ය
ශ්රී ලංකාව පහල ආදායම් ලාභි දුක්පත් රටක් ද මැදි ආදායම් ලාභි රටක් ද යන්න තිරනය කරන්නෙ ලෝක බැංකු ගනනය කිරිම් අනුවයි. එයට කැබිනට් අනුමැතියක් අවශ්‍ය නැත. පහල ආදායම් ලාභි දුක්පත් රටක් ලෙස සලකන්නේ වාර් ශික ඒක පුද්ගල ආදායම ඩොලර් 1050 ට අඩු රටවල්. වාසනාවට ලංකාව තවම එම තත්වයට පත්ව නැත. දුක්පත්කම මවා පානවාට වඩා එම තත්වය නැති කිරිමයි රජය කලයුත්තේ.
1952 සහල් මිල සත විසිපහක් වැඩිකලාම එකල සිටි ආර්ථික ඔස්තාර් ආචාර්ය තුමා හර්තාලය කලා. එදා සිටම ඔවුන් බලයට එන්න උපක්‍රමයක් ලෙසට සහනාධාර ක්‍රමය ක්‍රියාත්මක කලා.අපේ එවුන් ඉපැයීම නොකර අත පය නොසිල්වා නිකං කන්න පුරුදුවුනා .1970 හැනදෙන් හාල් ,1977 ඇට අටක්,1994 දී තුනයි පනහට පාන් ගෙඩිය ලෙසට ඇවිත් 1994 දියුණුව කියන තේරුම ඇති සමුර්ධි ඇතිකලා. අදට අවුරුදු 28 ක් සමුර්ධිමත්ම සිටින අතරේ ගමකට එකෙක් ඉදගෙන ආර්ථික සංවර්ධනය කරන නිසා නිදහසින් අවුරුදු 75 වනවිට ලෝකයේ හිගන ජාතියක් වෙලා අවසන් කොහොමද සමුර්ධියේ හා ආර්ථික සංවර්ධනයේ තරම. මේ වනවිටත් නැවතත් තවත් සහනාධාර දෙන්න හදන්නෙ යමක් කමක් තියෙන අයටත් සමග කියලා ඉල්ලීම් අනුව පේනවා (ලංකාවෙ මිනිසුන්ගේ ලැජ්ජා නහර සම්පූර්ණයෙන්ම ඉවත්කර තියෙන නිසා ලැජ්ජා නැහැ .මුන් ඉල්ලනවා උන් දෙනවා මුන් ගන්නවා ) කවුද මේවා තෝරන්නෙ මිනිස්සු තරහ වෙනවට ඔක්කොටම දේවි කියලා හිතෙනවා